මෙරටදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ප්‍රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්‍රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්‍රිකානු ජාතික ෂෙගෝ ගලේ මහත්මිය ඊයේ (29) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය අද (30දා) දින සිට ලබන මස 02 දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය .
ෂෙගෝ ගලේ මහත්මිය ඊයේ දින පස්වරු 05.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය පිළිගැනීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ඉෂාදි අමන්දා මහත්මිය , මෙම ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ මෙම තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
Saru FM Media