ගාසා තීරයට නව සාම සැලැස්මක්

0
3

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම නව සාම සැලැස්ම මගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීමට යෝජනා කර ඇති අතර පැය 72ක් ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කර තිබේ.

එමෙන්ම අමෙරිකානු ධවල මන්දිරය විසින් හමාස් සංවිධානයට කරුණු 20ක් ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here