මොකක්ද මේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සාව??

0
15


මේ දිනවල බොහෝ දෙන දෙනා ඉන්ෆ්ලුවන්සාව නම් රෝගයෙන් පෙළෙන බව ඔබ දන්නවා. ඉතින් ගෘහණියක ලෙස මේ පිළිබඳ අවබෝධයක් තිබීම ඔබට හරිම වැදගත් .

මෙය වෛරස් ආසාදන නිසා ඇතිවන රෝගී තත්ත්වයක් . ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මෙම රෝගය හට ගන්නවා.මේ මාරාන්තික තත්ත්වයක් නෙවෙයි.නමුත් සමහර වයස් කාණ්ඩ හා පිරිහුනු සෞඛ්‍ය තත්වයේ සිටින අය මෙයින් පරිස්සම් විය යුතුයි .

සෙම්ප්‍රතික්ෂාව හෙවත් අප දන්නා හෙම්බිරිස්සාව මෙහි මූලික ලක්ෂණ ලෙස හඳුන්වන පුළුවන් . සාමාන්‍ය ප්‍රතිශ්‍යා උණ කැස්ස සමේ රෝග ලක්ෂණ මේ ආසාදනය නිසා ඇති වෙන්න පුළුවන්.

සමහර කාණ්ඩ වල අයට මෙම වෛරස ආසාදන ඉන් සිදුවන බලපෑම ඉතා ඉහළයි. ගර්භනි මවුවරුන් වයස අවුරුදු දෙකට අඩු දරුවන් වයස අවුරුදු 65ට වැඩි පුරවැසියන් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් දීර්ඝ කාලීනව ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා අය හෘද අක්මා පිළිකා දියවැඩියා වකුගඩු වැනි රෝග ඇති පුද්ගලයින් වඩාත් ප්‍රවේසම් විය යුතුයි.
රෝග ආසාදනය , බෝ වීම සහ පැතිරීම පාලනය කිරිමට කල යුතු දේ

නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින් ඉන්ෆ්ලුවන්සාව බෝවීම පැතිරීම පාලනය කර ගන්නට පුළුවන් .

කහින විට සහ කිවිසුම් යවන විට ලේන්සුවකින් මුව ආවරණය කරගන්න.අත් සබන් යොදා සෝදා නිතර පිරිසුදුව තබාගන්න. නිතර නිතර මුහුණ සහ නාසය ඇල්ලීමෙන් වැළකී සිටින්න. ජනාකීර්ණ ස්ථානවල අනවශ්‍ය ලෙස ගැවසීමෙන් වලකින්න. සංකූලතා ඇති විය හැකි පුද්ගලයන් මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවල ගැවසීම අවම කරන්න .

-චම්මි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here