උදෑසන ආහාරයට ඕට්ස් ගැනීමෙන් ලැබෙන වාසි..

0
14


ලොව ඇති පෝෂ්‍යදායී ම පූර්ණ ධාන්‍ය අතරේ ඕට්ස් ඉහළ ම ස්ථානයක තිබෙනවා. තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම ඊට හේතුවයි. ඕට්ස් උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතා සරුව වැඩෙන භෝගයක්. පහසුවෙන් සකසා ගැනීමට හැකි වීමත්, දැරිය හැකි මිලක පැවතීමත්, මිහිරි රසයයත් ඕට්ස් ප්‍රචලිත වීමට බලපාන්නට ඇතැයි සිතිය හැකියි. 

දිනකට ඕට්ස් කෝප්ප බාගයක් එනම් ග්‍රෑම් 78ක් හොඳටම ප්‍රමාණවත්. දිනකට අවශ්‍ය පෝෂක කොටස්වලින් කොපමණ ප්‍රමාණයක් ඕට්ස් කෝප්ප බාගයක ඇත් දැයි අපි බලමු. 

Manganese 191%
Phosphorus: 41%
Magnesium: 34%
Copper: 24%
Iron: 20%
Zinc: 20% 
Folate: 11%
Vitamin B1 (thiamin): 39% 
Vitamin B5 (pantothenic acid): 10% 

මීට අමතරව සුළු ප්‍රමාණවලින් calcium, potassium, vitamin B6 (pyridoxine) සහ vitamin B3 (niacin) ද ඕට්ස් වල අන්තර්ගතයි.  කාබෝහයිඩේ‍්‍රට ග්‍රෑම් 51කින් ද,  ප්‍රෝටීන් ග්‍රෑම් 13කින් ද සමන්විත ඕට්ස් කෝප්ප බාගයක කැලරි 303ක් අඩංගුයි.

ප්‍රතිඔක්සිකාරකවලින් ඔබේ වයස්ගත වීමේ ලක්ෂණ අඩු කරමින් සම නීරෝගී කරනවා. එමෙන් ම රුධිර සංසරණය නිසි පරිදි සිදු කරන්නටත් මෙය උපයෝගී වෙනවා. 

බීටා ග්ලූකන්වල ප්‍රයෝජන බොහොමයි. මෙය ජලයේ ඉතා හොඳින් දියවන සුළු තන්තු විශේෂයක්. LDL කොලෙස්ට්‍රෝල් සහ සම්පූර්ණයෙන් ම කොලෙස්ට්‍රෝල් තත්වය අඩු කරන්නට බීටා ග්ලූකන්වලට හැකියි. රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන්නටත් මෙය බලපානවා. ආහාර ජීර්ණ පද්ධතියේ යහපත් බැක්ටීරියාවලටත් හොඳ මාධ්‍යයක් සපයන්නට බීටා ග්ලූකන් උදව් වෙනවා. 

ලෝකයේ බොහෝ මරණවලට හේතුව අධික කොලෙස්ට්‍රොල් තත්ත්වයනුයි. ඒවා වළක්වමින් හදවතේ සෞඛ්‍යය රැකගන්නට ඕට්ස්වලට පුළුවන්. 

අධික තරබාරුව සහ Type 2 දියවැඩියාව නිසා පීඩනයට පත් ව සිටින ඔබට ඕට්ස් ඉතා ගුණදායකයි. ඕට්ස්වලට රුධිරගත සීනි මට්ටම අඩු කරමින් ඉන්සියුලින් සංවේදීතාව ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා. 

ඕට්ස් ආහාරයට ගත් විට කුස ඉතා පිරුණු ස්වභාවයක් ගන්නවා. අඩු කැලරි ප්‍රමාණයකින් එසේ දැනීම නිසා අනවශ්‍ය කැලරි ගැන වදවිය යුතු නැහැ. ඉතින් බර අඩු කරගන්නට බලා සිටින ඔබට ඕට්ස් මනා ව ගැළපෙනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් අනූන නිසාම ඕට්ස් ඔබේ සම නීරෝගී කරන්නට උපකාරී වෙනවා. සිහින් ව අඹරා ගත් ඕට්ස්වලින් පැක් සහ ස්ක්‍රබ් සාදාගෙන භාවිත කරන්නට ඔබට හැකී. සිහින් ව අඹරාගත් ඕට්ස් මේස හැන්දකට මී පැණි මේස හැන්දක් දමා මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් ලෙසත් පැක් එකක් ලෙසත් යොදාගෙන දිදුලන සමක් උරුම කරගන්නට ඔබට පුළුවන්

තන්තුමය ස්වභාවය නිසාත් පහසුවෙන් දිරවීම නිසාත් ඕට්ස් මළබද්ධය දුරලන්නට උපකාරී වෙනවා.

ඕට්ස් කිරි වලින් තම්බා පලතුරු සහ රටඉඳි සමග ආහාරයට ගැනීම සාමාන්‍යයෙන් සිදු කරනවා. ඊට අමතරව ඕට්ස්වලින් කුකීස්, ග්‍රැනෝලා බාර් මෙන්ම ව්‍යාංජන ලෙසත් සකසා ගන්නට පුළුවන්.

වැඩි පෝෂණයක් සහ අඩු කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ඔබටත් ඕට්ස් භාවිතා කරන්නට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here