පස් කන්දක් කඩා වැටෙයි – ගොඩගන්නා විට තිදෙනාම මිය ගිහින්

0
2

තිදෙනකු යට කරගෙන මාවනැල්ල – මැණික්කාවේ

මාවනැල්ල, ඉඩම්පිටිය මැණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් පස්වලට යටවී ඔවුන් තිදෙනා ඊයේ (29දා) පෙරවරුවේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල ගල්අතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පණ්ඩිත ගෙදර ජිනසේන (63), ලලිත් ප්‍රියන්ත කුමාර (43), සංජීව නන්දසිරි (47) යන අය වෙති. කම්බි ඉදිකිරීමේ කටයුතු සඳහා කම්කරුවන් සිව්දෙනකු සිට ඇති අතර ඉන් තිදෙනකුගේ සිරුර මතට පස්කන්ද කඩා වැටී ඔවුන් පස් තට්ටුවකින් වැසී ගොස් ඇත. පෙරවරු 10.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් හා තවත් බැකෝ යන්ත්‍රයක් සමග ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව පස්වලට යටවී සිටි තිදෙනා පැයක පමණ මෙහෙයුමකින් පසු ගොඩට ගෙන ඇත.

එම තිදෙනා ගොඩට ගන්නා විටත් මියගොස් සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මාවනැල්ල පොලිස් ස්ථානාධිපති එච්.එම්.පී.ඩී. හේරත් මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
චමින්ද සිල්වා – ජයන්ත සේනානායක මාවනැල්ල – කෑගල්ල එම්. බී. පහලවත්ත, වසන්ත සමයවර්ධන – බුලත්කොහුපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here