Turmeric latte (කහ පානය) එහෙමත් නැත්නම් golden milk කියන්නෙ දීප්තිමත් කහ වර්ණයෙන් යුක්ත පානයක්.
එලකිරි හෝ ශාකසාර ආශ්‍රිතව නිපදවූ කිරි වර්ගයක් සමඟ කහ සහ කුළුබඩු එකතු කර සාදාගන්නා මෙම සම්ප්‍රදායික පානය ආසියාතික රටවල් වල, විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක්.
කාන්තා අපි බොහෝ දෙනෙක් Turmeric latte (කහ පානය) හඳුනගන්නෙ සමට දීප්තියක් හා සම ආශ්‍රිත බොහෝ රූපලාවන්‍ය ගැටළු වලට පිළියම් ගෙනදෙන පානයක් ලෙසයි.
නමුත් Turmeric latte (කහ පානය) තවත් ඉතා වටිනා ප්‍රතිඵල රාශියක් අපේ සිරුරට ලබා දෙනව කියල ඔබ දන්නවද ?
ඒ ප්‍රතිඵල මොනවද කියල ඔබත් එක්ක බෙදාගන්නයි අපේ මේ සූදානම.
ඒ වගේම Turmeric latte (කහ පානය) සාදාගන්නා ආකාරය ගැනත් ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා මේ ලිපියෙ අවසානය දක්වාම රැඳී ඉන්න කියල මතක් කරන්නත් කැමතියි.
Turmeric latte (කහ පානය) වල අඩංගු ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නෙ කහ (turmeric). මෙහි දීප්තිමත් කහ වර්ණය ලබාදෙන්නෙත් කහ වලිනුයි.
කහ වල අඩංගු කර්කමින් (curcumin) නැමති සංයෝගයේ හා Turmeric latte (කහ පානය) වලට යොදන කුරුඳු හා ඉඟුරු වල ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනව.
මේ ප්‍රතිඔක්සිකාරක, සෛලවල රසායනික ප්‍රතික්‍රියාවලදී නිපදවන හානිදායක කොටස් නිසා ශරීරයට සිදුවන හානිය වලක්වනවා.
ඒ මඟින් පිළිකා, අඝාතය, ආතරයිටීස් වගේ බෝ නොවෙන රෝග ඇතිවීමේ අවධානම අඩුකරනව.
සිරුර අභ්‍යන්තරයේ යම් යම් ස්ථානවල දීර්ඝකාලීන පැවතෙන දැවිල්ලක් වැනි වේදනාවන් පසුකාලීනව නිදන්ගත රෝග, පිළිකා, ඇල්සයිමර් රෝගය හෝ හෘද රෝග වලට හේතුවක් වීමට පුළුවන්.
Turmeric latte (කහ පානය) කියන්නෙ මේ දැවීම් අඩුකර ගන්න උදව් වෙන සංයෝග වලින් ඉතා පොහොසත් පානයක්.
ඉඟුරු සහ කුරුඳු වල වගේම කහ වලත් මේ දැවීම් වලට එරෙහිව සටන් කරන්න පුළුවන් සංයෝග තියෙනව කියලයි පරේක්ෂකයින් පෙන්වා දෙන්නෙ.
මේ ස්වභාවික සංයෝග මඟින් ඔස්ටියෝ ආතරයිටීස් හා රූමැටොයිඩ් ආතරයිටීස් රෝග සඳහාද ඖෂධ මඟින් ලබාදෙනවාට වඩා ඉක්මන් සහනයක් ලබාදෙන බව විද්‍යාත්මකව ඔප්පු කරගෙන තිබෙනවා.
කුරුඳු, පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ ඇතිවීම වලක්වනවා වගේම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත් උපකාරී වෙනව.
ඉඟුරු වලින් මොළයේ කාලය හා මතකය සම්බන්ධ ප්‍රතිචාර වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට උදව් කරනවා වගේම වයස්ගත වීමේදී මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම පාලනය කරනවා.
ඒ වගේම කුරුඳු වලින් සිරුරට අහිතකර LDL (low-density lipoprotein) කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකර සිරුරට හිතකර HDL ( High-density lipoprotein) කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි කරනවා වගේම සිරුරේ රුධිර ගමනාගමය නිසි ලෙස පවත්වා ගන්නත් උදව් වෙනවා.
හෘද රෝග ඇතිවීම අවම කිරීමට මෙය ඉතා වැදගත් වෙනවා.
ඊට අමතරව කුරුඳු හා ඉඟුරු වලින් ඔබේ රුධිරයේ සීනී මට්ටම පාලනයට සෘජුවම දායක වෙනව. ඒ මඟින් දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානමත් අඩු කරනවා.
Turmeric latte (කහ පානය) වල අඩංගු කහ, ඉඟුරු හා කුරුඳු සිරුරේ ප්‍රතිශක්තීකරණය ඉහල නංවන ඉතා වටිනා ඖෂධ ලෙසයි ආයුර්වේද වෙදකමේදී හඳුනාගන්නෙ.
ඒ මඟින් ඔබේ ශරීරයට වෛරස්, බැක්ටීරියා සහ දිලීර මඟින් ඇතිකරන ලෙඩ රෝග හා ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උදව් කරනවා.
එනිසා උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වගේ වෛරස් රෝග වැලඳීමේ අවධානමත් අඩුකරනව.
කහ වල අඩංගු කර්කමින් (curcumin) මතක ශක්තිය වැඩි කිරීමට වගේම මොළයේ නව සෛල වර්ධනය හා ඒවා අතර ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිදුකිරීමටත් උපකාරී වෙනව.
ඒ වගේම සෛලවල මනා ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම හා සෛල හානිවීම වැලැක්වීම සිදුකරනවා.
කහ කියන්නෙ රූපලාවන්‍ය ගැටළු රාශියකට පිළියම් ලබාදෙන ඖෂධයක් බව අපි බොහෝ දෙනෙක් දන්නා කාරණාවක්.
ඒ නිසා Turmeric latte (කහ පානය) වලින් ඔබේ සමට ලබාදෙන්නෙ කිව නොහැකි තරම් වටිනා ප්‍රයෝජන රැසක් බව රහසක් නෙවෙයි.
සම රැළි වැටීම වැලැක්වීම,
මුහුනේ ඇතිවන කලු ලප (blackheads) ඉවත් කිරීම,
Saru FM Media