සපුගස්කන්ද මාකොළ බාලක රැඳවුම් නිවාසයේ රඳවා සිටි ළමුන් 15 දෙනකු එම නිවාසයෙන් පලා ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියා සිටී,
වයස අවුරුදු 14ත් 17ත් අතර වයස්වල පසුවන මෙම දරුවන් විවිධ අපරාධවලට අදාළව අධිකරණ නියෝග මත මෙම රැඳවුම් නිවාසයේ රඳවා තිබූ බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම දරුවන් රැඳවුම් නිවාසයෙන් පලා ගොස් ඇතැයි එහි රැකවරණ නිලධාරිනිය විසින් පොලිසියට පැමිණිලිකර තිබුණේ ඊයේ (28) දිනයේදීය.
මෙම ළමුන්ට මත්ද්‍රව්‍ය චෝදනාල මනුෂ්‍ය ඝාතනවලට අනුබලදීමල කොල්ලකෑම් සොරකම් හා කෝලාහල කිරීම් ආදි වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් රැඳවුම් නිවාසයට යොමු කළ අයවලුන් බව ද පොලිසිය සඳහන් කරයි.
එම ළමුන් බොරැල්ල, බණ්ඩාරගම, මාලිගාකන්ද, මට්ටක්කුලිය, වැල්ලම්පිටිය, අගුලාන, බෙම්මුල්ල, කොළඹ 14 ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
Saru FM Media