තරුණයකුගේ නිවාස දෙකක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් -බිරින්දෑවරු 02කුත් ඉන්නවාලු

0
2

ගැබිණි වෛද්‍ය සායනයට යන මුවාවෙන් ගම්පොළ සිට ගිනිගත්හේන දක්වා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු තරුණ අඹු සැමි යුවළ සඳහා ලබාගත් රැඳවුම් නියෝගයෙන් පසු 22 හැවිරිදි සැමියා රැගෙන ගොස් ඔවුන් පදිංචිව සිටි නිවාස තුනක් පරීක්ෂා කිරීමේදී නිවාස දෙකකම අයිස් මත්ද්‍රව්‍ය හා උපකරණ තිබී සොයා ගැනීමට පොලීසියට හැකිවී ඇත.

විසි හතර හැවිරිදි පස් මස් ගැබිණි බිරිඳ හා විසි දෙහැවිරිදි සැමියා එක්ව පසුගිය 25 දින යතුරු පැදියකින් ගම්පොළ සිට අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ තැන්වල තබමින් ගිනිගත්හේන දක්වා ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් නාවලපිටිය නගරයේ දුම්රිය නිවාස පෙදෙසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍ය සායන පොත දෙකලවා මත තබා ගෙන සිටි බිරිඳ මව්වරුන්ගේ සායනයට යන බව පොලිසියට පැවසුවද ඔවුන් පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ පියයුරු යට හා රහස් ප්‍රදේශයේ සගවාගෙන සිටි අයිස් පැකට් දාහතක් හා සැමියාගේ ලිංගික ප්‍රදේශයේ සඟවාගෙන තිබූ අයිස් පැකට් විස්සක් සොයා ගනු ලැබීණ.

මොවුන් නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර සැමියා සඳහා දින හතක රැදවුම් නියෝග ලබාගත් අතර ගැබිණි බිරිඳ ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාග

අනතුරුව මෙම පුද්ගලයා රැගෙන ඊයේ (28) සහ අද (29) උදෑසන ඔවුන් රැඳී සිටි නිවාස තුනක් පරික්ෂාවට ලක් කර තිබේ.

ඒ අනුව ගම්පොළ, දුනුකේඋල්ල මාර්ගයේ උඩගම අංකෙළිපිටිය ප්‍රදේශයේ නිවසක් සහ ගම්පොළ දොළොස්භාගය මාර්ගයේ සිංහපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් පැකට් සමග ඒවා බීමට ගන්නා උපකරණ පොලීසිය සොයා ගෙන ඇත.

ඊට අමතරව අයිස් ඇසුරුම් කිරීමට යොදා ගන්නා පොලිතින් කවර දහසකට අධික ප්‍රමාණයක් හා විද්‍යුත් තරාදියක් ඇතුළු උපකරණ රැසක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

මෙම විසි දෙහැවිරිදී තරුණ සැමියා විවාහ දෙකක් සිදු කරගෙන තිබෙන අතර විසිතුන් හැවිරිදි පළමු බිරිඳට මාස 15ක දරුවෙක් සිටින අතර අයිස් සමඟ හසු වූ විසි හතර හැවිරි බිරිඳ මාස පහක ගැබිනියක් බව ද පොලීසිය සඳහන් කළේය.

මොහු මුස්ලිම් ජාතිකයෙකු වුවත් බිරින්දෑවරු දෙදෙනාම සිංහල අය වන අතර ඔවුන් අයිස් ජාවාරමට හවුල් කර ගැනීමට පහසු නිසා එම පියවර ගත් බව පොලීසියට පවසා ඇත.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වන ඩුබායි තාරුගෙ මත් ද්‍රව්‍ය මොවුන් මෙසේ ජාවාරම් කර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here