පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිමි ළමයින් 15 දෙනෙකු පෙරේදා (27දා) රාත්‍රීයේ පැන ගොස් ඇත.
මේ ළමයින් විවිධ අපරාධ සම්බන්ධව චෝදනා ලැබ අධිකරණ නියෝග මත රඳවා තිබෙන අය වන අතර ඔවුනට එරෙහිව මහර, කොළඹ, මාලිගාකන්ද හා කඩුවෙල ඇතුළු අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින්ද පවතී. මේ ළමයින් බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල ළමයින් වන අතර ඔවුන් වයස අවුරුදු 16 හා 17 වන වියේ පසුවන්නනෝ වෙති. මේ රැඳවුම් නිවාසයේ ළමයින් 52 දෙනෙකු සිටින බව පැවසේ.
මේ ළමයින් පෙරේදා (27දා) රාත්‍රී 12 ට පමණ රඳවා සිටි කාමර දෙකක ජනේලයක් හා දොරක ඉබි යතුරු කඩා පලා ගොස් තිබෙන අතර එහි මුර සේවයේ දෙදෙනෙකු සේවයේ නිරතව සිට තිබේ. මේ සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සජිත් මනෝහර රූපසිංහ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති
Saru FM Media