මහනුවර යළි පෙරමුණට

0
6

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW:

රගර් උණුසුම තදින් දැණුන සති අන්තයේ නැවතත් සීඑච් කණ්ඩායම මහනුවරදි ලබපු ප්‍රතිපලයට සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩයම විසින් කොළඹදීත් ලබා දෙන්නට සමත් වුණා.එහෙත් එම තරගයේ විසිය ඒ දක්වා ලකුණු සටහනේ පෙරමුණ ගෙන දිටි සීආර් කණ්ඩායමට දිනා ගන්නට ඉඩ නොතබිමින් හැව්ලොක්ස් කණ්ඩායම විසින් සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලකුණු 28 – 14 ක් ලෙස පරාජයට පත් කරන්නට සමත් වුණා.

ඒ අනුව සීආර් කණ්ඩායමට පරාජය වී දෙවරක්ම සීඑච් සමඟ ජය පරාජය නොවිසඳුණු තරග ක්‍රිඩා කර සිටින මහනුවර කණ්ඩායම ජයගන්නා තරගවලදී අධික ලෙස ලකුණු රැස් කිරීමේ ස්වභාවයඳ හේත් කරගෙන ලකුණු සටහනේ පෙරමුණට එන්නට සමත් වුණා.සීආර් ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුණා.
මැලිබන් ජාතික ලීග් සූරතාවය වෙනුවෙන් තරග කරන කණ්ඩායම් හතර අතරින් සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ අවසාන විසඳුම වුණේ ලකුණු 28 – 14 ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ජය ගැනීමයි.එම ජයග්‍රහණය ලැබීම සඳහා හැව්ලොක් ක්‍රීඩා සමාජය සිය ආධිපත්‍යය තරගයේ දෙවන අර්ධයේදී සම්පූර්ණයෙන් තමන් සතු කර ගැනීම කැපී පෙණුනා.පළමු අර්ධය නිමාවීමේදි ලකුණු 14-14 ක් ලෙස සම තත්ත්වයේ සිටි කණ්ඩායම් දෙක අතරින් දෙවන අර්ධයේදී නැගී සිටි හැව්ලොක්ස් ක්‍රීඩකයින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 14 ක් එක් කර ගත්තේ සීආර් ක්‍රීඩකයින්ට සිය ආරක්ෂක කළාපය ආක්‍රමණය කිරීමට ඉඩක් ලබා නොදෙමින්.

මේ අතර මහනුවර කණ්ඩායම තුරඟ තරග පිටියට පැමිණියේ සිය සත්කාරක බිමට පැමිණ සීඑද් කණ්ඩායම ඩැහැගෙන ආ කීර්තිය පළුඳු කිරීමේ අපේක්ෂාවෙන් වුව ද,සීඑච් ක්‍රීඩකයින් මුළු වෙර යොදා පළමු අර්ධය නිමවන විට ලකුණු 19 – 17 ක් ලෙස පෙරමුණ රැදුණා.දෙවන අර්ධයේදී මහනුවර ලකුණු 2 ක් සීඑච් ක්‍රීඩකයන්ට වඩා ලබා ගත්තද තරගයේ නිමාව සටහන් වූයේ ලකුණු 34 – 34 ක් ලෙසයි.

මැලිබන් ජාතික ලීග් සූරතාවලියේ කුසලානය සඳහා පැවත්වෙන තරග වටය නියෝජනය කරන කණ්ඩායම් හතර සහභාගි වූ තරගවලතීරණය එසේ විසඳෙද්දී,පළිහ අංශයෙන් ජයග්‍රහණය උදෙසා තරග කරන කණ්ඩායම් අතර තරගයේදී යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින් පොලිස් ක්‍රීඩා සමාජය ජය ගැනීමට සමත් වුණා.එහිදී අවසාන ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 29 – 14 ක් ලෙසයි.එසේම මෙම තරගාවලිය ආරමභයේදී කැපි පෙණුන කණ්ඩායමක් ලෙස සිටි ගුවන් හමුදා කණ්ඩායම නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 61 – 21 ක් ලෙස එම තරගය ජය ගැනීමට සිඳු වෙනවා.
මේ සමඟ දැක්වෙන්නේ කුසලාන අංශයේ දී සහ පළිහ අංශයේදී ඒ ඒ කණ්ඩායම දැනට ලබා තිබෙන ස්ථානයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here