ICU එකේ ප්‍රතිකාර ලැබූ නාඋයනේ තවත් හිමිනමක් අපවත් වෙයි

0
4

කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නාඋයන ආරණ්‍ය සේනාසනයේදී කේබල් ඩක්කුවක් කඩාවැටීමෙන් තුවාල ලබා කුරුණෑගල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි භික්ෂුන් වහන්සේ දෙනමගෙන් එක් හිමි නමක ඊයේ (28 දා) අලුයම 1.20 ට පමණ අපවත් වූ බව පන්සියගම පොලිසිය පවසයි.

මෙලෙස අපවත්වී ඇත්තේ පන්නිපිටියේ ඉන්ද්‍රභාස නමැති 41 හැවිරිදි භික්ෂුන් වහන්සේ නමක බව පොලිසිය කීය.

මේ අනුව මෙම සිද්ධියෙන් අපවත්වූ භික්ෂුන් වහන්සේ ගණන අටනමක් දක්වා ඉහළ ගොස් ඇත.

අපවත්වූ දෙස් – විදෙස් භික්ෂුන් වහන්සේලා අටනම අතරින් භික්ෂුන් වහන්සේලා

පස්නමකගේ ශ්‍රී දේහයන් පිළිබඳ ආදාහන කටයුතු පෙරේදා (27 දා) පස්වරුවේ විශාල පිරිසකගේ සෝසුසුම් මැද පන්සියගම පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

මැල්සිරිපුර, නාඋයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කුවක් 24දා රාත්‍රි කඩාවැටී සිදුවූ අනතුරින් මේ වනවිට භික්ෂුන් වහන්සේලා අටනමක අපවත්වූ අතර, තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තුවාල ලැබූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here