නිරෝගී හා හැඩැති සිරුරක් ලබා ගැනීමට සෞඛ්‍යමත් ආහාර වේලක් වගේම ව්‍යායාමත් ඉතාමත් වැදගත් කියල අපි හැමෝම දන්න කාරණාවක්.
සිරුරේ විවිධ ස්ථාන ඉලක්ක කරගෙන අපි ව්‍යායාම කලත් බොහෝ වෙලාවට අපිට මඟහැරෙන, නමුත් මඟහැර නොගත යුතුම ව්‍යායාම කීපයක් ගැන ඔබට මතක් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.
ඒ තමයි ඔබේ මුහුණට අවශ්‍ය ව්‍යායාම.
කෙනෙක් ඔබ දෙස බලන විට එක්වරම ඔබේ මුහුණට අවධානය යොමුවීම ඉතාම සාමාන්‍ය කාරණාවක්. ඒ නිසා ඔබේ සිරුරේ අනිත් ස්ථාන වලට වගේම මුහුණට ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්.
මුහුණට ලබාදෙන ව්‍යායාම මඟින් ඔබේ මුහුණට හොඳ රුධිර සැපයුමක් ලැබීම, අනවශ්‍ය මේදය දහනය වීම, මුහුණේ මාංශපේෂී වල ශක්තිමත් බව වැඩිවීම, වයස්ගත වීම නිසා ඇතිවන රැළි (wrinkles) අවම කිරීම කරමින් ඔබේ මුහුණේ දීප්තිමත් සහ තරුණ පෙනුම රැකගන්න උදව් වෙනවා.
ඉතිං අපි හැම කෙනෙක්ම අපේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්න කැමතිනේ.
එහෙනම් ඔබේ මුහුණේ තරුණ බව රැකගන්න මේ ඉතාම සරල වගේම ඕනෑම වේලවක ඕනෑම ස්ථානයක ඉඳල කරන්න පුළුවන් මේ ව්‍යායාම වල නිරත වෙන්න කියල අපි ඔබට මතක් කරන්න කැමතියි.
සුප්‍රසිද්ධ නිළි මර්ලින් මැන්රෝගේ පියාඹන හාදුව (flying kiss) ඔබට මතකයි නේද?
එහෙම නම් මේ ව්‍යායාමය කරන්න ඔබට හරිම ලේසියි.
මුලින්ම ඔබේ හිස කෙලින් තබාගෙන ඉදිරිපස බලන්න.
ඊලඟට ඔබේ තොල් දෙක එකතු කර හාදුවක් දෙන විදිහට ඉදිරියට උල් කරන්න.
ඔබේ තොල් වටේ සම ඉදිරියට ඇඳෙන ආකාරය මේ ව්‍යායාමය කරද්දි ඔබට දැනිය යුතුයි.
දිනකට අඩුම වශයෙන් හතර වතාවක් හෝ පස් වතාවක් මේ ව්‍යායාමය කල යුතුයි.
මේ වයස්ගත වීමේදී සමේ ඇතිවන රැළි (wrinkles), වළක්වා ගැනීමට කරන ව්‍යායාමයක්.
විශේෂයෙන්ම, ඔබේ නළලේ ප්‍රදේශයේ (fore head) රැළි ඇතිවීම මේ ව්‍යායාමය මඟින් පාලනය කරනවා.
මෙහිදී ඔබ ඇහිබැමි රැළි නොකර හැකි තරම් ඔබේ දෑස් විවෘත කිරීමට උත්සහා කල යුතුයි.
ඔබට හැකි උපරිම ප්‍රමාණයට දෑස් විවෘත කර තත්පර එකත්, තත්පර පහත් අතර කාලයක් සිටිය යුතුයි.
දිනකට දෙවරක් හෝ තුන් වරක් මෙම ව්‍යායාමයේ නිරත වීමෙන් ඔබට හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
මේ ව්‍යායාමය ඔබේ තොල් සහ කම්මුලේ මාංශපේෂි හැඩ කිරීමටත් ශක්තිමත් කිරීමටත් උපකාරී වෙන ව්‍යායාමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙහිදී හාදුවක් දෙන ආකාරයට ඔබේ තොල් ඉදිරියට ඇඳ ඔබේ කම්මුල් කට ඇතුලට ඇඳීම කල යුතුයි.
එවිට ඔබේ තොල් මාළුවෙක්ගේ කටේ හැඩයට පිහිටන බව ඔබට දකින්න ලැබේවි.
හොඳ ප්‍රතිපල ලැබෙන්න නම් ඔබ දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් මෙම ව්‍යායාමයේ නිරත විය යුතුයි.
මේ ව්‍යායාමයත් ඔබේ තොල් ආශ්‍රිත මාංශපේෂි ඉලක්ක කරගත් ව්‍යායාමයක්.
මුලින්ම ඔබ හොඳ හුස්මක් ගත යුතුයි.
ඊලඟට ඔබේ තොල් එකමත එක තබා දිගහැර ඉදිරියට ගෙන එන අතරම නාසයෙන් හුස්ම පිටකල යුතුයි.
මේ ව්‍යායාමයත් දිනකට හතර වතාවක් හෝ පස් වතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්.
මේ ව්‍යායාමය මඟින් ඔබේ නාසය සහ කට දෙපස අතර රැළි ඇතිවීම වළක්වනවා.
මුලින්ම ඔබ හොඳින් සිනහවිය යුතුයි. (සිනහවීම කියන්නෙත් හොඳ ව්‍යායාමයක්)
ඉන්පසු අත් දෙකේ ඇඟිලි තුඩු නහය සහ කට දෙපස අතර ඇති කොටසේ රඳවා උඩට තල්ලු කිරීම කල යුතුයි.
දිනකට විසි වතාවක් තිස් වතාවක් අතර මේ ව්‍යායාමයේ නිරත වීමෙන් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුළුවන්.
Saru FM Media