ඝානාවේ සියලුම බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

0
5

බොක්සිං ක්‍රීඩකයෙකුගේ මරණයෙන් පසු ඝානාවේ සියලුම බොක්සිං ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

බාහුබලි ලෙස ජනප්‍රිය අර්නස්ට් අකුෂේ මියයන විට 32 හැවිරිදි වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මූලික පරික්ෂණවලදී හෙළිව ඇත්තේ සටනේදී ඇති වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් තරගයෙන් දින 11කට පසුව මෙම මරණය සිදුව ඇති බවය.

එරට ජාතික ක්‍රීඩා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජීවිත ආරක්ෂා කිරීම, ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා සහ එහි අනාගතය සහතික කිරීමට අවශ්‍ය පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බවය.

මෙම සිදුවීම මාස හයක් ඇතුළත ඝානාවේ වෘත්තීය සටන්කරුවෙකුගේ දෙවන මරණය  බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here