සටහන – නිශ්මං රණසිංහ
මැයි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ වසර 57 ට පසුව පැවති අවුරුදු 22 න් පහළ ආසියානු සහ යොවුන් ආසියානු බොක්සිං තරගාවලිය නිමා වූයේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් හිමි කර ගනිමින්ය.මෙවැනි තරගාවලියක් සංවිධානය කිරිම පහසු කටයුත්තක් නොවේය.එයින් රටකට ලැබෙන කීර්තිය සහ වාසිදායක තත්ත්වයන් ද සුළුවෙන් සැළකිය නොහැකිය. ඒ නිසා පැමිණි තරගාවලිය සහ එය දිනා ගැනීම ප්‍රශංසාවට ලක් විය යුතු කාරණයක්ය.
පැමිණෙන බව කී සහ පැමිණි බව කී ක්‍රීඩක සංඛ්‍යාව තරගාවලියේ නොසිටි බව දැක ගන්නට ලැබිණ.එය සංවිධානයේ අඩුවකට වඩා සබඳතාවල අඩුවක් නිසා හෝ ලෝකයේ මේ වන විට බොක්සිං පරිපාලන දෙකක් ක්‍රියාත්මක වීම මත ද සිඳුවිය හැකිය.ඒ නිසා නිවැරදිම කාරණය වූයේ සත්කාරකයන් ලෙස ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ට විශේෂයෙන් නිතරගයෙන් ඉදිරියට ඇඳෙන්නට ලැබුණු අවස්ථාව නිසා පදක්කම් විශාල ප්‍රමාණයක් ලංකාවට හිමි වීමය.සිව් දෙනෙකුම අවසාන තරගයට ද පැමිණියේය.ඒ රිදී පදක්කම් අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ විනිසුරු විසින් තරගය නවතා ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය පිරිනැමීමෙන්ය.
කාන්තා ක්‍රීිඩිකාවන්ට ලැබුණු බොහෝ ලෝකඩ පදක්කම් ලැබුණේ ද ඒ ආකාරයටය.සම්පූර්ණ වට ගණන බොහො ව්ට නොගියේය.පදක්කම ලැබුණු තරගයද නිතරගෙයෙන් ඉදිරියට තල්ලු වී ලැබුණු තරගයක පරාජයෙන් පසුව දිනා ගත් එකක් විය.මේවා ජයග්‍රහණ නොවන යම් ආකාරයක පරාජයක්ය.ඒවා සම්බන්ධයෙන් ජයග්‍රහණ බවට පත් කළ හැකි වැඩ පිළිවෙලක් ඇති කිරීම මිස මේ ජයග්‍රහණ ගැන ඇත්ත සමාජයෙන් සඟවා සිටීමට බලපෑම් කිරීම පළක් නැත.
එහෙත් පිරිමි ක්‍රීඩක අංශයේ තත්ත්වය වෙනස් විය.ඔවුන්ට පදක්කම් නොලැබුණ ද,කාන්තා අංශයට වඩා ආසියාවේ තරගකාරී මට්ටමට මුහුණ දිය හැකි,තරග වට තුනය ක්‍රීඩා කළ හැකි මට්ටමේ ඔව්හූ සිටිති.හිමි වුණ එකම රිදී පදක්කම දිනා ගත් මොහොමඩ් උසෙයිත් අවසාන තරගයේදි කරට කර කසකස්තාන ක්‍රීඩකයාට දුන් තරගය ප්‍රශංසනීය විය.බොහෝ විට උසෙයිත් ඉක්මවා ගිය අත්දැකීම සිය ජයග්‍රහනය සැළසුම් කරන්නට කසකස්තාන ක්‍රීඩකයාට හැකි වූ බව විශ්වාස කළ හැකිය.
තරගාවලියේ අන් රටවලට ආසන්නවත් විය නොහැකි තරම් දුරින් ඉදරියෙන් සිටිය කසකස්තානය ආසියානු බොක්සිං කේෂ්ත්‍රය තුළ සිය ජයග්‍රාහී මාවත මේ තරගාවලියේදී හොඳින්ම පෙන්නා දුන්නේය.එය සමහර විට අනාගත ආසියාවේම බොක්සිං කිරුළ තමන් සතු කර ගැනීමට ඇති ඉඩ පැහැදිළි කරන ආකාරයේ මැදිහත්විමක් විය හැකිය.එහෙත් ඇතැම් කසකස්තානුවන්ට ලැබුණ ජයග්‍රාහී තීරණ ගැන ප්‍රතිවාදී ක්‍රීඩකයින් නොසතුට පළ කිරීම සහ ඊට ඇති සාධක ද ආසියානු බොක්සිං බලධාරීන් අවධානයට ලක් කළ යුතුය.දැනට අලුත් බොක්සිං සම්මේලනයක් ලෝකයට අවශ්‍යය වන ආකාරය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්මාණය කලේම විනිසුරුවන්ගේ තීරණවල ඇති විශ්වසනීයත්යේ අර්බූද ද සැළකිල්ලට ගනිමින් ය.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ බොක්සිං ව්‍යාප්තිය තරුණ පරපුර අතරට යාම අවශ්‍යය වන්නේය.මේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් නිර්මාණය කළ පුහුණුකරුවන් ගැන මාධ්‍යයට හරියට කරුණු ඉදිරිපත් කෙරුණේ නැත.ඔවුන් කවුරුන්ද කාගෙ කවුද යන්න කියන කාරණය සමාජගත වීම තුළ බොක්සිංවලට ගම් බිම් බලා පියාසර කරන්නට ලැබෙන අවකාශය වැඩිය.මේවා සිඳු වුණේ කෙසේද යන්න සහ ඒවා එළියට එන්නට වැඩ පිළිවෙළක් නොතිබීම කණගාටුදායක ය.අඩුම තරමේ මාධ්‍යයට උසෙයිත් සහ ඔහුගේ පුහුණුකරුවා වූ ජමිත ගයාන් හෝ කැඳවා සම්මුඛ පරීක්ෂණයක් ලබා දෙන්නට තිබිණ.මේ තත්ත්වයන් තීරණය කෙරෙන යාන්ත්‍රණයක් මාධ්‍ය සිතියමක් තිබිය යුත්තේ එය පවරන භාහිර පුද්ගලයන්ට නොවේය.බොක්සිං පරිපාලනයටය.එසේම තේරුම් කමිටුව ගත් තීරණ නැවත සිතා බැලිය යුතුය.ක්‍රීඩිකාවන් තේරීමේදී ප්‍රශ්නකාරී තත්ත්වයක් වූ බව ඇතැම් තැන් හී වාර්තා විණි.තරග අතරතුර එය වාර්තා කිරිම අපි බැහැර කළෙමු.ඒ ඉදිරිපත්වන ක්‍රීඩිකාව කවුරු වුව ද ඇයට ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිමය කරන්නට එය බාධාවක් විය හැකි නිසාය.
එහෙත් දැන් මේවා ගැන පසු විපරමක් කර බැලිය යුතුය.ඒ ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි වුව ද,ඉදිරියේදී හරිම අලි ඇතුන් පෙරහැරට ගැනීමට එය අවස්ථාවක් වනු ඇත.බොහෝ දේ එපමණය.ලංකාවේ බොක්සිං ජයග්‍රහණවලින් සීමා නොවී ලංකාවට බලපෑම් සහගත ආදරයක් කිරීමට ගම් නියම්ගම් කරා මේ තරගාවලියට ඇවිද යන්නට හැකි විණිද? එය සීමා කර කවුරුන් හෝ සීමිත රාමුවක තමන්ගේ ස්ථාවරය සහ පැවත්ම තහවුරු කර ගන්නට ගත් උත්සාහයක සිර වී තිබුණා ද? හුඟක් තැන්වල අලියාගේ හැසිරීම දකින්නට හැකි වන්නේ ඇත් ගොව්වාගේ උවමනාව පරිදිය.ඇත්තම අන්දපු ඇතෙක්ගේ රහ හැඩ දැනෙන්න විඳින්න හොඳ ඇත් ගොව්වෙක් ද අවශ්‍යය වන්නේය.පෙරහැරක් කරන නිලමෙ කෙනෙක් හොඳ ඇත් ගොව්වන් සිටින ඇතුන් සොයා ගන්නේනම් එහි කීර්තිය නිලමෙටත් දේවාලයටත් බව අසා ඇත.අවසානයේ කියන්නට ඇත්තේ එබන්දක්ය.සිඳු වුණේ හොඳ වැඩක්ය.එය අගය කරන්නට අපි පසුබට නොවන්නෙමු.එහෙත් ඉදිරියට යන විට අඩ් කර ගත යුතු මඟ හරහා ගත යුතු බොහෝ දේ දකින්නට තිබිණ.ඒවා වෙනස් කර ගත් විට තවත් යහපත් ප්‍රතිපල ලැබෙනු ඇත.ඒ නිසා මෙම තරගාවලිය සියලු අංශවලින් දිනන හැටි ඉගෙන ගන්න ලැබුණු අවස්ථාවක් ලෙස සළකා සාර්ථකවීම් සහ අසාර්ථකවීම් යන දෙපසට හොඳ සැළකිල්ලෙන් විමසුමට ලක් කළ යුතුව ඇත.
Saru FM Media