බූරු මුණා සහ STF නිලධාරීන් අතර බූස්සේ ඇතිවූ ගැටුම ගැන විමර්ශන දෙකක්

0
5


බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරු මූණා” සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් ආරම්භ කර තිබෙනවා. 

ඉන් එක් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්. 

එම විමර්ශනය ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම සිද්ධියට මුහුණ දුන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අනෙක් විමර්ශනය පොලීසිය විසින් සිදු කරනු ලබනවා. 

බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි බූරු මූණා බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ලට ගෙන ඒමට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පරික්‍ෂා කර තිබෙනවා. 

එහිදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වුණේ. 

පහරකෑමට ලක්වූ බව කියන බූරු මූණා තුවාල ලබා ගාල්ල ජාතික රොහලට ඇතුළත් කෙරුණා. 

එහිදී පහර කෑ බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකුද රෝහල්ගත කළ බවයි වාර්තා වුණේ. 

බූරු මූණා එලෙස බන්ධනාගාර පරිපාලන ගොඩනැගිල්ල වෙත රැගෙන විත් තිබුණේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ සම්බන්ධ කරවීමට බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.   
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here