යතුරුපැදි 02ක් ගැටී පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට

0
5


ඇතිමලේ පොලිස් වසමේ ඇතිමලේ 50 කොටසේ ඩෝසර් වැව ඩී 02 ඇල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් පසු පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බාලවයස්කරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (24) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එකම දිශාවට ගමන් කළ යතුරුපැදි දෙකක්, ඉන් එක යතුරුපැදියක් අනෙක් යතුරුපැදිය පසුකර යාමට උත්සහ කිරීමේදී යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් පැදිකරුවන්ට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් තිදෙනෙකු සිරිගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී එක් යතුරුපැදිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක ඇතිමලේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි බාලවයස්කරුවෙක්.

පොලිසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදි දෙකේම පුද්ගලයින් තිදෙනා බැගින් ගමන් කර ඇති බවයි.

මොවුන් කිසිවෙකුටත් ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ගමන් කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here