යුද ජයග්‍රහණයේ 16 වැනි සංවත්සර උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූයේ කැමැත්තකින් නොවන බව දේශපාලන විචාරක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් දේවසිරි මහතා මේ බව සඳහන් කර තිබූ අතර, පහත පළවන්නේ එම අදහස් දැක්වීමෙන් උපුටා ගත් කොටසකි. Sri Lanka Latest News
‘මුලින් ආරංචියක් තිබුණා ජනාධිපති සහභාගි වෙන්නේ නෑ, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති සහභාගි වෙනවා කියලා. පසුව ඒ පිළිබඳ සමාජ මාධ්‍ය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇතිවුණා. සමහරු ඒක හෙළාදැක්කා. ඉතා දැඩි විරෝධයක් තිබුණා. පසුව ප්‍රකාශ වෙනවා ඔහු සහභාගි වෙනවා කියලා. ඒකෙන් අපට පේනවා ඔහු ඒ සම්බන්ධයෙන් ඒ තරම් පහසුවෙන් නෙවෙයි ඒ කටයුත්ත කරන්නේ කියලා.
අපි දන්නවා පහුගිය මැතිවරණවලදී එක්තරා විදියකට ජාතික ජන බලවේගයට සහ අනුර කුමාර දිසානායකට උතුරෙන් විශාල අනුමැතියක් ලැබුණා. ඒ පසුබිමත් ඇතුළේ තමයි මගේ තක්සේරුව විදියට යුද අනුස්මරණයට, යුද සැමරීමට ඔහු සහභාගි නොවනවාය කියන අදහස තිබුණේ….’
Saru FM Media