කොළඹ LNW:අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක සතු ගමන් මල්ලක තිබී හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුමින්ද දිසානායක මහතාව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.
සිද්ධියට අදාළව මේ වන විට කාන්තාවන් දෙදෙනෙක්ද රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media