මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක මෙන්ම හිටපු රාජ්‍ය ඇමති රජිත් අළුවිහාරේ ඇතුළු ආසන සංවිධායකවරු තිදෙනෙකු ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායක රජිත් අළුවිහාරේ යන තිදෙනා සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වී තිබේ.
දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් තමන් සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමු කළ බව ද හිටපු රාජ්‍ය ඇමති රජිත් අළුවිහාරේ සඳහන් කරයි.
Saru FM Media