අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට

0
4


කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුනේ අද (24) අලුයමයි.

මිය යනවිට ඇය 78 වන වියෙහි පසු වුණා.

1947 වසරේ අප්‍රේල් 30 වනදා කැලණියේ දී උපන් මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා වේදිකා නාට්‍ය හරහා සිය කලා ගමන ආරම්භ කළා.

දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකීය කලාව පෝෂණය කළ ඇය සැලකෙන්නේ හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙසයි.

සිරිපාල සහ රන්මැණිකා, බඹරු ඇවිත්, කස්තුරි සුවඳ, තුෂාරා , ආවා සොයා ආදරේ ඇතුළු චිත්‍රපට 150ක පමණ සිය රංගන කෞෂල්‍ය විදහා දැක්වුවා.

සිය රංගන ප්‍රතිභාවය වෙනුවෙන් දේශීය සහ විදේශීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා අවසන් වරට සිය රංගනයෙන් දායකවූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටයටයි.

එමෙන්ම ඇය 2010 වසරේ සිට 2015 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ද කටයුතු කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here