ඉතිහාසයේ පළමුවරට හෙද සේවයට එකවර අලුතින් 3,147ක්

0
4


හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට හෙට (24) පත්වීම් ලිපි ප්‍රදානය කරන බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බවත් මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීහු සහභාගී වීමට නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here