ලංකාවට ඔබින ක්‍රීඩාවක ජාත්‍යන්තර ජයග්‍රහණ සමඟින් දකුණු ආසියානු සෙස්ටොබෝල් කාන්තා පිරිමි සූරතා දෙකම ලංකාවට

0
4


සටහන – නිශ්මං රණසිංහ

මැයි 24, කොළඹ LNW: සෙස්ටොබෝල් යනු ශ්‍රී ලංකාවට තරමක් අලුත්ය.නෙට්බෝල් සහ බාස්කට් බෝල මුසු ක්‍රීඩාවකි.තවත් අතකින් භාවිතයට ගනු ලබන බෝලය හෑන්ඩ් බෝලයට සමාන වුව ද එය ඊට වඩා මදක් බරය.ඒ නිසාම ආසියාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ දැවන්තයන් වන ශ්‍රී ලංකාවට මේ හැඩයෙන් දියුණු වීමට ඉඩක් ද ඇති බව සැළකිල්ලට ගත යුතුය.

මෙම ක්‍රීඩාවේ දකුණු ආසියානු රටවල් අතර පවත්වන දෙවන තරගාවලිය පැවත්වුණේ රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේය.තවත් ආකාරයකින් එය වැදගත් වන්නේ රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් පැමිණි පළමු අවස්ථාව වීම නිසාය.මැයි 17 සහ 18 යන දෙදින තුළ පැවති මේ තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව,බංගලාදේශය,ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් එක්වීමට සිටියද පකිස්තානය ඒමෙන් වැළකී සිටියේ.ඒ අනුව පැවති තුන් ඇඳුතු තරගාවලියේ කාන්තා සහ පිරිමි සූරතා දෙකම ශ්‍රී ලංකාවට හිමි වූ අතර අනු සූරතා දෙකම හිමි වූයේ ඉන්දියාවටය.
පිරිමි අවසන් තරගය ඉන්දියාවට එරෙහිව ලකුණු තත්වය 60-38 ලෙස ශ්‍රී ලංකාවට ජය ලැබිණි.කාන්තා තරගයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාජය වූයේ 52 – 10 ලෙසය. .තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකාවේ ඩීඑම්වීඩී රණසිංහය. දක්ශතම ක්‍රීඩිකාව වූයේ ඕශධී වීරසිංහ ය.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස චතුර සමීන්ද්‍ර කටයුතු කළ අතර උප නායකත්වය ඔඩීඒඅයි වික්‍රමසිංහ වෙත හිමි විය.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය නදීමා තත්සරණී සමරනායක වෙත හිමිව තිබූ අතර උප නායිකාව ලෙස පීඩබ්ලිව්ඕයූ ජයතිස්ස කටයුතු කළාය.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෙන් වූ පුහුණුකරු ලෙස, I.N.K.රත්නායක මහතා කටයුතු කලේය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සිය පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් ලැබූ තෙවන අන්තර්ජාතික ජයග්‍රහණය සටහන් කළ ආශා මධුවන්ති පෙරේරා කටයුතු කළාය. පළමු දකුණු ආසියාතික තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළේ ඇය ය
සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණු ආරච්චි, කුරුවිට ප්‍රාදේශීය ලේකම් භාග්‍යා බටුගෙදර , ආසියානු සෙස්ටොබෝල් සංගමයේ ලේකම් මොහොමඩ් අක්‍යුබ් ශ්‍රී ලංකා සෙස්ටොබෝල් සංගමයේ සභාපති P.K. පතිරගේ , ලේකම් I.N.K. රත්නායක, බංගලාදේශ සෙස්ටොබෝල් සංගමයේ උප සභාපති ශාම්මා පර්වින් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිිටියහ.
තරගාවලියේ අන්තර්ජාතික විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ තමාලි ධම්මදින්නා අමධෝරු කටයුතු කළ අතර අන්තර්ජාතික ලකුණු සටහන්කරුවන් ලෙස මොහොමඩ් රිල්වාන්,රොෂාන් රාජපක්ෂ සහ අයේෂා ලක්මාලි යන පිරිස කටයුතු කළහ.
විචිත්‍රවත් නර්තන අංගයන්ගෙන් සමන්විත වූ සමාරම්භක හා සමාප්ති උළෙලවල් සඳහා රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය, රත්නපුර නව නගර කුමර විද්‍යාලය, රත්නපුර කොස්ගල විද්‍යාලය සහ ඇලපාත මහා විද්‍යාලය දායකත්වය ලබා දී තිබුණි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දු රත්නපුරටත්,ශ්‍රී ලංකාවේ සෙස්ටෝබෝල් ක්‍රිඩාවටත් ස්වර්ණමය මතකයන් එකතු කළ මේ තරගාවලියේ සමාරම්භයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here