ටික් ටොක් අනියම් පෙමක් නිසා දරුවන් මරා දැමූ ගැහැණිය

0
6


කතාව දිග ඇරෙන්නෙ 2018 අගෝස්තු 31 වෙනිදා චෙන්නායි වලින්.

මේ කතාව පටන්ගන්න වෙලාවෙ හොඳටම හවස්වෙලා තමයි තියෙන්නෙ. කට්ටිය වැඩ ඇරිලා ගෙවල් බලා යන වෙලාව තමයි මේ. ඒ උනාට අපේ කතාවෙ නායකයෙක් වෙන විජේ නම් ඉන්නෙ ගෙදර යන්නෙ නැතුව ඔෆිස් එකට වෙලා වැඩ කර කර. හැබැයි විජේගේ නෝනා නම් විජේ එනකම් තමයි බලාගෙන ඉන්නෙ. මොකද අද විජේගෙ උපන් දිනේ.

විජේ එන්න පරක්කු වෙච්ච හන්දා නෝනා එයාට කෝල් කරල අහනව කීයටද එන්නෙ කියලා. එතකොට විජේ කියනවා එයාට අද ගෙදර එන්න වෙන්නෙ නෑ මොකද එච්චරටම වැඩ කියලා. වෙනදටත් ඔය වගේ අවස්තා ඕන තරම් ඇවිල්ල තිබුනත් එයාගෙ නෝනට අද ටිකක් හිතට අවුල් යනවා මොකද එයා බලාපොරොත්තුවෙන් උන්නෙ විජේ එක්ක උපන්දිනේ සමරන්න හන්දා.

ඒ උනාට කරන්න දෙයක් නැති නිසා විජේ ගෙදර එන්නේ ඊටපස්සෙ දවසෙ උදේ. විජේ ගෙදර යන්නෙ එයාගෙ නෝන දැන් හොඳටම තරහෙන් ඇත්තෙ කියලා හිතාගෙන එයාගෙ තරහ නිවන්නෙ කොහොමද කියල හිතන ගමන්. හැබැයි විජේ ගෙදර ගියාට එයාට පේනවා ගෙදර දොර වහලා තියෙනවා කියලා. එයා කොච්චර දොරට තට්ටු කරත් කවුරුවත් දොර අරින්නෙ නෑ. ඊටපස්සෙ එයා නෝනගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තත් ඒකට ආන්ස්වර් එකක් ලැබෙන්නෙත් නෑ. මේ නිසා තමයි විජේ ගිහිල්ලා අල්ලපු ගෙදර ඉන්න මේ ගෙදර අයිතිකාරයට කතා කරලා අහනවා තමන්ගෙ නෝනා කොහෙ හරි යනවා දැක්කද කියලා මොකද ගෙදර දොර එලියෙන් තමයි ලොක් කරලා තියෙන්නෙ නිසා.

ඒත් ඒකෙදිත් විජේට උත්තර ලැබෙන්නෙ නෝනව දැක්කෙ නෑ කියන එක. මේ වෙලාවෙ විජේ ඉන්නේ හරිම කලබලයෙන්. එයා නෝනගෙ අම්මලගෙ ගෙදරටත් කතාකරලා අහනවා නෝන ආවද කියලා. එයාලත් කියන්නෙ ආවෙ නෑ කියලා. මේ වෙද්දි අසල්වාසින් පවා ගෙදරට කිට්ටු වෙලා ඉන්නෙ මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා බලන්න. කොහොමහරි මේ වෙලාවෙ විජේ දකිනවා ගෙදර එක පැත්තක තියෙන ජනේලයක් ඇරිලා තියෙනවා. ඒ ජනේලෙන් එබිලා විජේ බලනවා ගෙදර ඇතුලෙ කවුරුහරි ඉන්නවාද කියල. එතකොට එයා දකිනවා ගේ ඇතුලෙ ෆෑන් එකක් දාලා තියෙනව. ඒ නිසා විජේ හිතනවා නෝනා කොහෙ හරි හදිසියේ යන්න ඇති කියලා.

හැබැයි තව වෙලාව ගියත් නෝනගෙන් කිසිම රෙස්පොන්ස් එකක් නැති තැන විජේ අසල්වැසියො එක්ක එක්කහු වෙලා ගෙදර දොර කඩලා ඇතුලට ගිහින් බලනවා.

ඒ වෙලාවෙ දකින දෙයින් විජේ විතරක් නෙවෙයි අනිත් මිනිස්සුත් හරියට ශොක් වෙනවා.

මේ ගෙදර ඉන්නෙ විජේ සහ එයාගෙ නෝනා විතරක් නෙවෙයි ඒ දෙන්නාගෙ දුවයි පුතයිත් ඉන්නවා. දුවගෙ නම කර්ණිකා. පුතාගෙ නම අජේ. දොර කඩාගෙන ඇතුලට යන විජේ සහ පිරිස දකිනවා මේ දරුවො දෙන්න නාහෙන් කටෙන් පෙණ විසුරුවගෙන බිම වැටිලා ඉන්නවා. දැක්ක ගමන් මොකක් හරි නපුරක් වෙලා තියෙනව කියල තේරුනත් මෙයාලට ගේ ඇතුලෙන් විජේගේ නෝනව හොයාගන්න නම් පුලුවන් වෙන්නෙ නෑ. කොහොමහරි නෝනව පස්සෙ හොයාගන්න තියලා විජේ දරුවො දෙන්නව ඉස්පිරිතාලෙට එක්කරගෙන යනවා.

ඒත් ඒ වෙද්දිත් පරක්කු වැඩියි. මොකද ඒ දරුවො දෙන්නා ඒ වෙද්දිත් ඉන්නෙ මිය ගිහින් කියලා රෝහලෙන් කියනවා.

වෙලා තියෙන්නෙ මොකද්ද කියලා දැනගන්න විජේ කට්ටිය එක්කම ගිහිල්ලා පොලිසියෙ පැමිණිල්ලක් දාන්නෙ ඔන්න ඒ සිද්දියෙන් පස්සෙ.

2010 දි විජේ කේටරින් කෝස් එකක් කර කර ඉඳලා තියෙන්නෙ. ඒ කෝස් එකෙන් පස්සෙ එයාව තරු පහේ හොටෙල් එකක වැඩ කරන්න දාලා තියෙනව. එතනදි තමයි ඒ හොටෙල් එකේ රිසෙප්ශන් එකේ වැඩ කරපු අබිරාමිව හම්බුවෙලා කසාද බඳින්නේ.

කසාදෙන් පස්සෙ විජේ කේටරින් රස්සාව කරන අතරෙම ඒටීම් මැශින්වලට සල්ලි පුරවන රස්සාවකුත් කරගෙන ගිහින් තියෙනවා වැඩිපුර සල්ලි ටිකක් හොයන්න. ඉතින් මේ විදියට ජීවිතේ ගෙවෙද්දි මේ දෙන්නගෙ පවුලට දුවෙකුයි පුතෙකුයිත් හම්බුවෙනවා. මේ හතරදෙනාම ඉන්නෙ කුලී ගෙදරක.

කොහොමහරි 2018 අගෝස්තු 31 වෙනිදා පාන්දර නැගිටලා මෙයාලා විජේගෙ උපන්දිනේ සමරලා තියෙනවා පොඩිවට. හැබැයි මේ වෙලාවෙ එයාගෙ දුව ඉඳලා තියෙන්නෙ නිදාගෙන. ඉතින් පස්සෙන්දා උදේ විජේ වැඩට යද්දිත් නෝනා කියනව “අද කලින් එන්න අපි උපන්දිනේ සමරමු” කියලා.

ඒත් අපි දැනටම දන්නවා එදා ගෙදර එන්නෙ නැතුව පස්සෙන්දා ගෙදර ආව විජේට දකින්න ලැබුනෙ මොකද්ද කියන එක.

කොහොමහරි මේ අතරවාරෙ අතුරුදහන් වෙලා උන්න අබිරාමිව හොයාගන්න පොලිසියට පුලුවන් වෙනවා. ඔන්න ඒ අනුව තමයි මේ අමානුශික අපරාධයේ සුලමුල කට්ටියට හොයාගන්න පුලුවන්කම ලැබෙන්නෙ.

ඒ වගේම මෙතනදි අබිරාමි එක්කම අබිරාමිගෙ පෙම්වතා වෙච්ච සුන්දරම් කියන පිරිමි කෙනාවත් අත් අඩංගුවට ගන්න පොලිසියට පුලුවන් වෙනවා. සුන්දරම් කියන්නෙ කුන්ද්‍රතූර් හි අගස්තියාර් කොයිල් වීදියේ අබිරාමිගේ ගෙවල් ළඟ බිරියානි කඩේක වැඩ කර කර ඉඳපු පිරිමි කෙනෙක්. පොලිසිය වෙච්ච දේවල් ගැන ප්‍රශ්න කරද්දි සුන්දරම් කියනවා අබිරාමි සහ තමන් අතරෙ සම්බන්ධයක් තිබ්බා කියන එක. මේ දෙන්නා ප්ලැන් කරගෙන ඉඳලා තියෙන්නෙ මේ නගරෙන් පැනලා යන්න.

අබිරාමි මේ සුන්දරම් එක්ක යාලුවෙලා තියෙන්නෙ ළමයි දෙන්නම ඉස්කෝලෙ යන නිසා එයා ගෙදරට වෙලා දවල් වරුවෙ කම්මැලිකමේ තමයි ඉන්නෙ. කොහොමහරි විජේ අබිරාමිට කම්මැලි ඇති කියල හිතලා බයිසිකල් එකකුත් අරගෙන දෙනවා. ඒ නිසාම අබිරාමි නිතරම එලියට යන්න ගන්නවා. ඔන්න ඔය අතරවාරෙ තමයි විජේට අබිරාමි ගැන එක එක නරක කතා ආරංචි වෙන්නෙ. මේව දැනගන්න විජේ අබිරාමිට බනිනවා. ඒ උනාට අබිරාමි ඒ කිසිම දෙයක් කණට ගන්නෙ නෑ.

කොහොමහරි දවසක් විජේ ගෙදර එද්දි අබිරාමි සුන්දරම් එක්ක පැනලා ගිහින් තියෙනවා. දරුවො දෙන්නා ගැන හිතලා විජේ ගිහිල්ලා අබිරාමිව ආයෙ ගෙදර එක්කරගෙන එනවා. මේ වෙලාවෙ මේ  සිද්දිය දැනගන්න විජේගේ මාමලා නැන්දල ඇවිත් අබිරාමිට බනිනවා අම්මා කෙනෙක් කරන දෙයක්ද මේ කරේ කියලා. මේ නිසා අබිරාමිට ඉස්සරහට එන්නෙ එච්චර හොඳ කාලයක් නෙවෙයි.

මේ නිසාම හැමදේම එපා වෙන අබිරාමි එයාගෙ දරුවො දෙන්නව මරලා දාන්න හිතනවා.

අබිරාමි මේ සම්බන්ධකම් තිබ්බ ගොඩක් අය එක්ක ගොඩක් දුර දිග ගිහින් තියෙනවා. මුලින්  මෙයා කරලා තියෙන්නෙ ෆෝන් එකෙන් ටික්ටොක් එකේ අසහනකාරී පිරිමි අය වෙනුවෙන් වීඩියෝ හදපු එක. ඒ වීඩියෝ වලට කමෙන්ට් කරන පිරිමි අය එක්කත් අබිරාමි එක එක සම්බන්ධකම් පටන් අරගෙන තියෙන්නෙ. බයික් එකත් තිබ්බා නිසා අබිරාමිට ලොකුම ලොකු නිදහසක් තමයි තිබ්බේ.

ඒ නිදහස තමයි එයා වැරදියට පාවිච්චි කරලා තියෙන්නෙ.

සුන්දරම් එක්ක අබිරාමි අනියම් සම්බන්ධයක් පටන් ගන්නෙත් ඔන්න ඔය නිදහස නිසාම තමයි. දරුවො දෙන්න ගැන කිය කිය කට්ටිය එයාට බනින්න ගත්තට පස්සෙ තමයි අබිරාමිට දරුවො දෙන්නව එපා වෙලා තියෙන්නෙ. ඒ නිසා තමයි එයා බලලා තියෙන්නෙ දරුවො දෙන්නව මරන්න පුලුවන් විදි මොනවද කියලා. ඒ අනුව තමයි එයා ළඟ තිබ්බ මෙඩිකල් සෙන්ටර් එකකින් අධි මාත්‍රාවකින් ගත්තොත් මැරෙන්න හේතුවෙන බෙහෙත් විටෙ විට අරගෙන එකතුකරගෙන ඉඳලා තියෙන්නෙ. එයා මුලින්ම ඒ බෙහෙත් ටික කිරි එකකට දාලා එයා දුවට දීලා තියෙන්නෙ.

ඇත්තටම අගෝස්තු 31 රෑ උපන්දිනේ දවසෙත් විජේ උපන්දිනේ සමරද්දි දුව ඉඳලා තියෙන්නෙ නිදාගෙන නෙවෙයි. කොහොමහරි අබිරාමිගෙ එදා ප්ලැන් එක තිබිලා තියෙන්නෙ දරුවො දෙන්නට වගේම විජේටත් බෙහෙත් දාපු කිරි එක දීලා එයාව මරලා දාන්න උනාට පස්සෙන්දා උදේ නැගිටිද්දි අබිරාමි දැකලා තියෙන්නෙ එයා බලාපොරොත්තු වෙච්ච දේ වෙලා නෑ කියන එක.

අබිරාමි හිතලා තියෙන්නෙ “විජේට ප්‍රශ්න තිබ්බා. එයා ඒ නිසා දරුවන්ටත් වස දීලා එයත් වස බීලා මැරිලා” කියලා. ඒ උනාට උදේ බලද්දි විජේ සහ අජේ නැගිටලා ඉන්නවා දකිද්දි අබිරාමිට තේරිලා තියෙනවා තමන් දුන්න මාත්‍රාව විජේට සහ පුතා වෙච්ච අජේව වැඩ කරලා නෑ කියන එක.

ඉතින් විජේ වැඩට ගියාට පස්සෙ අබිරාමිට අජේව මරලා දාන එක එච්චර අමාරු වැඩක් වෙන්නෙ නෑ. එයා ආයෙ වතාවක් කිරි වලට බෙහෙත් දාලා අජේට ඒක දෙනවා. ඒ විතරක් නෙවෙයි එයා පුතාව ඇඳේ තියලා දරුවගෙ හුස්ම හිරකරන්නත් උත්සහ කරලා තියෙනවා. ඒ අනුව තමයි පුතා මිය යන්නේ.

කොහොමහරි මේ විදියට දරුවො දෙන්නවම මරලා දාන අබිරාමි බලන් ඉඳලා තියෙන්නෙ විජේ ගෙදර එනකම්. ඒ උනාට එදා විජේ ගෙදර එන්නෙ නෑ කියලා දැනගත්ත ගමන් තමන්ගෙ වැඩේ වරදින්න යනවා කියල දැනගත්ත ගමන් අබිරාමි ගෙදරින් පැනලා යනවා. එයාගෙ ප්ලෑන් එක තියෙන්නෙ සුන්දරම් එක්ක කේරලේට පැනලා යන්න.

ඉතින් ඔන්න ඔය විදියට තමයි පොලිසියට හොයාගන්න පුලුවන් වෙන්නෙ ඇත්තටම මේ අමානුශික මිනිමැරුම වෙච්ච විදියෙ හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

අනියම් සබඳතාවයක් වගේම ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න නුසුදුසු කෙනෙක් නිසා දරුවො දෙන්නෙක්ට මේ ලෝකෙන් යන්න උනා වගේම විජේට මුලු ජීවිත කාලෙම විඳව විඳව දුක්වෙන්න කාරණාවකුත් ඉතුරු වුණා!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here