සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිිරි ජයසේකර පසුගිය මැයි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කළේ තමන් වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ෂණය කර, වාර්තා කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇති බවය.
එම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පත්කර ඇති බව වැඩිදුරටත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
Saru FM Media