පාතාලය අතට ගිය ගිනි අවියක් සොයා පොලිසිය ජනප්‍රිය නිළියකගේ ගෙදරට පනී! මුළු නිවසම කණපිට පෙරළයි! නිළියගේ පුතාට ගිනි අවියක් අලෙවි කරලාලු! VIDEO I Sri Lanka Latest News

0
5


උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් පන්නා, පාතාලය අතට ගොස් ඇතැයි පැවසෙන ටී 56 ගිනිඅවි සොයා විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම මෙරට ජනප්‍රිය නිළියකගේ නි‌ෙවසක් ද පරීක්ෂාවට ලක්කර තිබේ. Sri Lanka Latest News

එම නිළියගේ පුතාට එක් ගිනිඅවියක් අලෙවි කර ඇති බවට විමර්ශනයේදී ලද තොරතුරකට අනුව එම පරීක්ෂාව මෑතකදී සිදු කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

මේ ජනප්‍රිය නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක්කර ඇතත් ගිනිඅවිය හමුවී නැත.

මෙම නිළිය දේශපාලනයට සම්බන්ධකම් ඇති තැනැත්තියක් වන අතර යහපාලන ආණ්ඩුව සමයේදී ඇයගේ සැමියාට අයත් ව්‍යාපාරවලට ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගෙන් වරප්‍රසාද ලැබුණු බවට චෝදනා ද එල්ල වී තිබිණි.

ටී 56 ගිනිඅවි 73ක් ඇතුළු ගිනිඅවි 75ක් පමණ කඳවුරෙන් පන්නා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙම අවිවලින් ගිනිඅවි 36ක් සොයාගෙන ඇති බවත් තවත් අවි 39ක් සොයාගැනීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය තොරතුරු සඳහන් කරයි.

මෙම ගිනි අවි ජාවාරම ගැන තොරතුරු හෙළි වන්නේ 2020 වසරේ ජුනි 29 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ලද තොරතුරකට අනුව හෝමාගම පිටිපන ව්‍යාපාරික ස්ථානයක් වටලා එහි තිබී ටී 56 ගිනිඅවි 11ක් සහ ටී 81 ගිනිඅවියක් ඇතුළු හමුදා උපකරණ රැසක් සොයාගැනීමත් සමඟිනි.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබුණේ හමුදාවේත්, පොලීසියේත්, ජනමාධ්‍යට සම්බන්ධ කිහිපදෙනකුත් ඇතුළු සමාජයේ විවිධ තලවල සිටින පිරිස් මෙම ජාවාරමට සම්බන්ධව සිටින බවය.

ඒ අනුව මෙම ගිනිඅවි ඡාවාරම සම්බන්ධයෙන් පැවති විමර්ශනවලට අදාළව හමුදාවේ කිහිපදෙනෙක්, ජනමාධ්‍යවේදියෙක්, පාතාලයට සම්බන්ධ කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.

තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී විමර්ශන පසුගිය කාලයේදී මන්දගාමී වී තිබුණි. පැවති රජයේ ඇතැම් නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සේවයේ නිරතව සිටි නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වූ විමර්ශන ඕනෑකමින්ම නතර කරලීමට උත්සාහයක නිරත වූ බවට වූ සැකයක් ද පොලීසිය තුළ පැවතුණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මේ ගැන දැනගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගිනි අවි සම්බන්ධ විමර්ශන නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

ඒ අනුව නැවත මෙම ගිනි අවි සම්බන්ධයෙන් වූ විමර්ශන ආරම්භ වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ හදුනා ගත් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින් බවත් රටින් පළා යෑමට ඔවුන්ට ඉඩනොදී ආරක්ෂක පියවර කිහිපයක් ගෙන ඇති බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here