ආණ්ඩුව ජනවරම පාවා දුන්නා! ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ IMF ගිවිසුම වෙනස් කරලා අලුත් ගිවිසුමකට යනවා කියලා! ඒ පොරොන්දුව කැඩුවා! ධන කුවේරයන් ආරක්ෂා කරලා අසරණ මිනිස්සු පිට විශාල බදු බරක් පටවලා! VIDEO I Sri Lanka Latest News

0
4


2024 ජනාධිපතිවරනයේ පො⁣හොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ IMF ගිවිසුම සංශෝධනය කර නව ණය තිරසරකරණ ගිවිසුමක් හරහා ජනතාව මත පනවා ඇති අධික බදු බර සංශෝධනය කර අඩු කරන බවට වත්මන් රජය මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දුව විශ්වාස කර ජනතාව විශාල ජනවරමක් ලබා දුන්නත් ඒ ජනවරමට වත්මන් රජය නිසි සාධාරණයක් ඉටු කරන්නේද කියා ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ලබාදුන් විශාල ජනවරම වත්මන් රජය පාවා දි කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධ පැහැදිලි කිරිමක් වත්මන් රජයෙන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජය හිටපු රජය විසින් අත්සන් කළ IMF ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

එහි දී විපක්ෂ නායකවරයා විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණයත් එම ණය ගෙවීම ආරම්භයේ සිට එක් එක් වසරවල ගෙවියයුතු ණය ප්‍රමාණයත් එම ඉලක්ක සපුරා ගැන්මට රජයට ඇති සාර්ව ආර්ථික ඉලක්ක කවරේද කියා දැන ගැන්මට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම රජයට විශාල ජනවරමක් ලබා දුන්නේ මෙම ගිවිසුම සං⁣ශෝධනය කිරිමට වුවත් එය නොකිරීම ජනවරම පාවාදිමක් බවත් පසුගිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විශාල ධන කුවේරයන් ආරක්ෂා කර වැඩ කරන ජනතාව මත එහි බර පැටවු බවත් වත්මන් රජයත් මෙම IMF ගිවිසුම වෙනස් නොකර සිටින්නේ හිටපු රජයේ අඩිපාරේ යන නිසාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම විස්තීරන ණය පහසුකම ලබා ගැනිමට සපුරායුතු කොන්දේසි මෙන්ම එම ණය වාරික ප්‍රමාණයත් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලි බිල 18%කින් වැඩි කරන්නේ මෙම කොන්දේසි නිසාද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

තවද මේ ප්‍රශ්නවලට පිිලිතුරු නොමැතිව රජයට අයවැය සකස් කළ නොහැකි බැවින් පිිළිතුරු නොදී මගහැරිය නොහැකි බවත් එමනිසා කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here