අලුතෙන් හිතන්න වෙන ලලනා බොක්සිං

0
5


නිශ්මං රණසිංහ මැයි 23, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව යම් ආකාරයකට ජාත්‍යන්තර මට්ටමෙන් අවධානයට ලක් වූ බවට ඇති හොඳම සාක්ෂිය අනූෂා කොඩිතුවක්කුය.ඇයගේ සිට වර්ථමානයේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් අතර කැපී පෙණෙන සංජීවණී කුරේ දක්වා වන ලාංකේය බොක්සිං ලලනා පෙළ ගැස්ම සිහියට ගනිද්දී ඉබේ සිහිවන නම් කිහිපයකි.(මේ අතර මගේ මතකයේ නොතිබෙන සිහියට නැඟිය යුතු තවත් නම් ද තිබිය හැකි බව විශ්වාස කරමි) නිල්මිණි ජයසිංහ,චන්ද්‍රිකා ගුරුගේ,නිලූකා කරුණාරත්න,සිතාරි සඳරේඛා,විදුශිකා ප්‍රබාධි,කෝසලා නිල්මිණි,ශිරෝමාලි වීරරත්න සහ නෙරංජලා වීරරත්න (පසුව කඩු හරඹ ක්‍රිඩාවට යොමු වුණා) ඒ මතකයන්වල රැදී සිටියි.

ඒ ඉතිහාසයට සාපේක්ෂව ගත් විට මේ යොවුන් සහ අවුරුදු 22 න් පහළ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිංවල අනාගතය දකින විට යම් පසුතැවීමක් එකතු වෙයි.මේ අත ඇරුණු තැන විමසා බැලීම සහ සාකච්ඡාවට ගැනීම වැදගත්ය.රන් පදක්කමක් දක්වා නිතරගයෙන් පැමිණි හිරුණි විජේසිංහ රිදී පදක්කමෙන් නැවතුණේ අවසාන තරගයේදී කසකස්තානයේ අල්නා කුගයිජෙනෝවාට පළමු වටයේදීම ජය හිමි කර දෙමින් විනිසුරු විසින් තරගය අත් හිටුවාලීමෙන් පසුවය.
අද ද ශ්‍රී ලංකාවට කාන්තා අවුරුදු 22 න් පහළ අවසාන තරග තුනක් ඇත.ඒ තුනම පැමිණ ඇත්තේ ද නිතරගයෙන්ය.මේ ඒ ක්‍රීඩිකාවන්ගේ දත්තය.

හංසනී නිර්මලා නායකරත්න
පාසල/ආයතනය:
පල්ලෙවෙල මහා විද්‍යාලය
පලමු පුහුණුකරු : චාමර වීරසිංහ
වර්ථමාන පුහුණුකරු: චාමර වීරසිංහ
බර පංතිය :60-63 කිලෝ ග්‍රෑම්
බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ වර්ෂය.:2023

නම: මංජරී සඳුනිකා නරසිංහ
පාසල/ආයතනය:ශ්‍රී ලංකා යුද හමුදාව

පලමු පුහුණුකරු:කේඑම්සීඊ බණ්ඩාර

වර්ථමාන පුහුණුකරු:කේඑම්සීඊ බණ්ඩාර
බර පංතිය:70-75 කිලෝග්‍රෑම්
බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ වර්ෂය:2024

නම.නෙත්මි තරුෂිකා නාකන්දලගේ
පාසල/ආයතනය:ශ්‍රීපාලි විද්‍යාලය
පලමු පුහුණුකරු:සුපුන් විජේමාන්න
වර්ථමාන පුහුණුකරු:සුපුන් විජේමාන්න
බර පංතිය:81කිලෝ ග්‍රෑම්
බොක්සිං ක්‍රීඩාවට අවතීර්ණ වූ වර්ෂය:2023

අද අවසන් තරගයේදී තරග කිහිපයක් අත හැර ඔව්හූ අවසන් තරගයට නො‘එන බවද අපි දනිමු.ප්‍රතිවාදියාද එන්නේ වැඩිම වුවහොත් එක් තරගයකින් පසුවය.ඒ නිසා මේ තරගවල ජයග්‍රහණවලදී ඒ ක්‍රීඩාව පවතින රටේ බොක්සිං සංස්කෘතිය කවරේද යන්න අවධානයට ලක්වීම නොවැළක්විය හැකිය.සමහර විට ඔවුන් පුහුණුවන පරිසරය ආදිය ද අවධානයට අවබෝධයට ගැනීම මේ තරගයේ ස්වභාවය අනුව තීරණය වන දෙයකි.
එහෙත් හිරුණි විජෙසිංහගේ සිට මේ ක්‍රීඩිකාවන් තිදෙනාද ඉතිහාසයේ රැදෙන්නේ ශ්‍රී ලංකාවට රන් හෝ රිදී දිනා දුන් අය හැටියට මිස නිතරගයෙන් අවසාන තරගයට පැමිණි අය හැටියට නොවේය.ඒ අවස්ථාවට ඉදිරිපත්වීමට දැක්විය යුතු දක්ෂතාවය ශ්‍රී ලංකාවේ බොක්සිංවලට සාපේක්ෂව හොඳ තත්ත්වයක් ලෙස මේ මොහොතේද බැහැර කරන්නට නොහැකිය.පරිපාලනයට ඊ ළඟට පැවරෙන වගකීම මේ කාන්තා රන් රිදී හෝ ලෝකඩ වූ දක්ෂතාවයන් ඊට සරිලන පරිදි දක්ෂතාවලින් උසස් කිරීමේ වැඩ පිළිවෙල සකස් කරන්නේ කෙසේද යන්න සිතීමය.

මේ සටන් වැදීමට ඉදිරිපත් විමට ඇති හැකියාව සහ උනන්දුව මෙන්ම බොක්සිං ක්‍රීඩාව තෝරා ගැනීමම වැදගත්ය.ඒවා ජයග්‍රහණ බවට පෙරළා ගැනීම දියුණු වැඩ පිළිවෙලක එක් කොටසක්ය.කාන්තා බොක්සිං තෝරා ගැනීම පිළිබඳව මතු වූ අර්බූද ද මතු විය.අප තරගාවලිය මුව විට තබා ඊට අත තියන්නට පැකිළිණ.හේතුව ඒ සටන් වැද වෙනස් කරන්නට හැකි මොහොත පසු කර තිබුණ බැවිනි.එහිදී කළ හැකිව තිබුණෙ සටන් වදින්නට තෝරා ගත් ක්‍රීඩිකාවට ඊට මුහුණ දීමට අවශ්‍යය පරිසරය වෙනුවෙන් සටන් කිරීම විනා සටන් බිමට පිවිසෙන ක්‍රීඩිකාව දුර්මුඛ කිරීම නොවන බව අපට හැඟුණ නිසාය.එහෙත් පසු විපරම ඇතුළත එය සාකච්ඡාවට ගැනීමට ඉඩ ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here