තාත්තා ගෙනාපු බාල බෙහෙත් බීලාද දන්නෙ නෑ! හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියගේ පුතා රිමාන්ඩ් කරපු දවසෙම අසනීප වෙයි! I Sri Lanka Latest News

0
6


රක්ෂිත බන්ධනාගාරගත කළ රමිත් රඹුක්වැල්ල ශ්වසන අපහසුතා මතුවීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.Sri Lanka Latest News

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල පෙරේදා (21) පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුව එම් – 2 වාට්ටුව වෙත යොමුකර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබෙන බවයි.

බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමේදී වැඩිදුරටත් රමිත් රඹුක්වැල්ල දැනුම්දී ඇත්තේ තමන්ට නිදාගැනීමේදී ද ශ්වසන අපහසුතා පවතින බවත් එම අවස්ථාවලදී තමන් වෛද්‍ය උපකරණ යොදාගන්නා බවත් ය.

බන්ධනාගාරයට පැමිණෙන අවස්ථාවේ අදාළ උපකරණය ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බව ද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අනුව ඔහුට නිදාගැනීම සඳහා ඇඳක් ලබාදිය යුතු බවත් ශ්වසන අපහසුතා පවතින අවස්ථාවල එයට අදාළ ප්‍රතිකාර කළ යුතු බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන බව ද වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here