විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල ලබාදීමට නිශ්චිත දිනයක් සැකසීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පෙර රජයන්හි දී ප්‍රමාද වූ මාස ගණනක මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ද ගෙවීමට වත්මන් රජය කටයුතු කළ බවයි.
එමෙන්ම තවමත් ප්‍රමාදයක් පවතින්නේ නවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමට බවත්, එම මුදල් ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය කරන නේවාසිකාගාර පහසුකම් වැඩිදියුණු කිරීමට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ පිළිබඳ ව ද ඉදිරියේ දී තවදුරටත් විගණනයක් සිදු කර ඇති බැවින් දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට මැදිහත් වන බව ද හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
Saru FM Media