G7නායකයන් චීනයේ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව කටයුතු කිරීමට එකඟ වේ

0
4


සටහන: සශිකලා මධුෂාණි
මැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය යන G7 රටවල මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් චීනයේ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව කටයුතු කිරීමට එකඟව ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබේ.

ඊයේ(22)දිනයේදී කැනේඩියානු රොකීස් හි රැස්වූ මුදල් ඇමතිවරුන් හත්දෙනාගේ කණ්ඩායම සහ මහ බැංකු අධිපතිවරු විසින් ඒකමතිකව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද තීරුබදු හේතුවෙන් පැන නගින වෙනස්කම් පසෙකලා ආර්ථික අසමතුලිතතා වලට එරෙහිව සටන් කිරීමට සුදානම් වීමයි. එය චීනයේ වෙළඳ පිළිවෙත්වලට පහර දීමකි.

මිට අමතරව ගෝලීය වෙළඳාමේ අසමතුලිතතාවයන්ට දායක වන වෙළඳපොළ නොවන ප්‍රතිපත්ති සහ භාවිතයන් සම්බන්ධයෙන් G7 සාමාජිකයින් විසින් නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යනු ඇති බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබිණ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here