අනුර එවපු නම දෙපාරක් විසි වුණා! පක්ෂව 3යි! විරුද්ධව 5යි! අන්තිමේදී වැඩබලන විගණකාධිපතිටම තවත් මාස 6ක සේවා දිගුවක් දෙන්න අනුර යෝජනා කරයි! ව්‍යවස්ථාදාවක සභාව එකඟ වෙයි! I Sri Lanka Latest News

0
6


වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී ධර්මපාලට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී එකඟතාව පළ වුණා. Sri Lanka Latest News

ඒ පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කළ නම අවස්ථා දෙකකදී ප්‍රතික්ෂේප වී තිබූ පසුබිමකයි. 

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 43 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා. 

කෙසේ වෙතත් පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දනගේ නම යෝජනා වී තිබුණා. 

ඒම නිර්දේශය සම්බන්ධයෙන් පෙරේදා පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී එකඟතාව පළ වූයේ නැහැ. 

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඊයේ යළි ඒ සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා රැස් වූ අතර එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ඡන්ද 3ක් ලැබී තිබූ අතර විපක්ෂව ඡන්ද 5ක් හිමිව තිබුණා. 

එක් සාමාජිකයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටී අතර ඒ අනුව විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම ඊයේත් ප්‍රතික්ෂේප වුණා එවන් පසුබිමක වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට මාස 06ක සේවා දිගුවක් ලබා දීමටයි ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කර ඇත්තේ. 

එම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා. 

ඒ අනුව වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල තවත් මාස 06ක් එම ධුරයේ කටයුතු කරනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here