මේ වසරේ සිට කොතලාවල වෛද්‍ය උපාධිය විදෙස් සිසුන්ට හා කැඩෙට් නිලධාරීන්ට පමණයි

0
4


සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසරේ සිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා බඳවාගන්නේ විදේශික සිසුන් සහ හමුදාවේ කැඩෙට් නිලධාරීන් පමණක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පවසයි.

“කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025 / 26 සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න තියෙනවා. ඒ සම්බන්ධව මම කෙටියෙන් දන්වන්නම්. 2025 මැයි 21 වනදා වනවිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීමට ප්‍රසිද්ධ දැන්වීමක් පළකරලා තියෙනවා. ඒ අනුව එහි වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම සම්බන්ධව වගන්තිවල නිවැරදි කිරීමක් කළ යුතුව තියෙනවා. ඒ අනුව වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීම මෙවර විදේශීය ශිෂ්‍යයින් සහ කෙඩෙට් නිලධාරීන් සඳහා පමණක් අවස්ථාව ලබාදීමට රජය තීරණය කරලා තියෙනවා කියන එක ප්‍රකාශ කරනවා”

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 22) පාර්ලිමේන්තුව අමතමිනි.

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මේ දක්වා යම් දේශීය සිසුන් පිරිසකට මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ලබාදී තිබුණු අවස්ථාව අත්හිටුවා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here