Friday, May 23, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ගෝඨාගේ අතපෙවීමට එරෙහි දිල්රුක්ෂි වික්‍රමසිංහගේ මූලික අයිතිවාසිකම් නඩුව ජයගනී

ගෝඨාගේ අතපෙවීමට එරෙහි දිල්රුක්ෂි වික්‍රමසිංහගේ මූලික අයිතිවාසිකම් නඩුව ජයගනී

0
6


dilrukshi-dias-wickremesinghe-wins-fundamental-rights-case-against-gotas-interference

 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද විමර්ශන කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් නිවාරණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම තීන්දුව අනුව ඇයට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කර තිබෙන සියලු නිර්දේශ සහ සොයාබැලීම් බලරහිත කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් අදාළ කොමිසම එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයාබැලීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.


ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇත.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව අදාළ පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නොතිබූ බවයි. ඒ අනුව එම විමර්ශනය මත පදනම් වෙමින් කොමිසම විසින් ඇයට එරෙහිව නිකුත් කළ නිර්දේශ සහ සොයාබැලීම් නීතියට පටහැනි බව තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයින් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
පෙත්සම්කාරිය කියා සිටියේ තමා අල්ලස් නිවාරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ අවධියේ බලය අයථා ලෙස පරිහරණය කරමින්


සහ රාජ්‍ය සේවයට අපකීර්තියක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කළ බවයි.
අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව එම නිර්දේශ නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැහැදිලි කළාය. ඒ සම්බන්ධයෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here