ඊයේ මාරක රිය අනතුරු කිහිපයක්

0
6

ඊයෙ ( 26 ) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු කිහිපයක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .

ඒ අනුව බුලත්සිංහල , කොලොන්න , ලුණුගම්වෙහෙර , බොරැල්ල , හබරාදූව , හම්බේගමුව යන ප්‍රදේශවලින් එම මාරක රිය අනතුරු වාර්තා වී තිබේ .

බුලත්සිංහල

ඊයේ ( 26 ) පස්වරුවේ , බුලත්සිංහල මෝල්කාව – බුලත්සිංහල මාර්ගයේ පාරුතල්විල ප්‍රදේශයේදී මෝල්කාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරුකර යැවීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත. අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

මිය ගොස් ඇති අය , අවුරුදු 26 ක් වූ පාරුතල්විල, බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර . බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කොලොන්න

ඊයේ (26 ) අළුයම කොලොන්න , අලිවාඩිය – වලකඩ අතුරු මාර්ගයේ අලිවාඩිය ප්‍රදේශයේදී වලකඩ දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක තිරිංග ක්‍රියා විරහිත වී ඉදිරියට ඇදී ගොස් ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් රියදුරු හා පසුපස ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොලොන්න රෝහලට ඇතුලත් කිරීමේදීඑක් කාන්තාවක් මියගොස් ඇති අතර අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇත.

මිය ගිය කාන්තාව , වයස අවුරුදු ‍53 ක් වූ උල්ලිදුවාව ප්‍රදේශයේ පදිංචිකාරියක බව වාර්තා වේ .
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂකණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර කොලොන්නපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ලුණුගම්වෙහෙර

ඊයේ ( 26 ) උදෑසන ලුණුගම්වෙහෙර , මොණරාගල – මාතර මාර්ගයේ 70 පාර හන්දිය අසලදී ලුණුගම්වෙහෙර දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදියක් පසු කර යෑමට උත්සහා දැරීමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කර , වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මිය ගොස් ඇති අය , අවුරුදු ‍50 ක් වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතරලුණුගම්වෙහෙරපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන්නේය .

බොරැල්ල

ඊයේ ( 26 ) පෙරවරුවේ බොරැල්ල බේස්ලයින් මාර්ගයේ බන්ධනාගාර හන්දිය අසලදී දෙමටගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් යතුරුපැදියක් පසු කර යෑමට උත්සහා දැරීමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඔහු වයස අවුරුදු 25 ක් වූ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතරබොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති .

හබරාදූව

ඊයේ ( 26 ) දහවල් කාලයේ හබරාදූව , ගාල්ල – මාතර මාර්ගයේ කතළුව පාලම අසලදී මාතර දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් තිබේ .

එම කාන්තාව වයස අවුරුදු 70 ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

හම්බේගමුව

ඊයේ ( 26 ) රාත්‍රියේ හම්බේගමුව , හම්බේගමුව – වේළිඔය මාර්ගයේ මළකදුර හන්දිය අසලදී මළකදුර දෙස සිට මහපැලැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ . අනතුරින් පසු එම යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
ඔහු වයස අවුරුදු 23 ක් වූ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන්නේය ..

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here