ලෝක රූ රැජිණ තරඟයෙන් ඉදිරියටම යන්න අපේ අනුදිට උදව් කරන්නේ මෙහෙමයි

0
6


“සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.

මේක අපේ ධම්ම පදයේ එන වචන පේළියක්. මේ ගාතාවේ තේරුම තමයි යහපත් ලෙස ජීවත් වීම. මගේ අරමුණ වෙන්නෙත් ඒකමයි. මම මගේ රට වෙන ලංකාව නියෝජනය කරන්නෙ හරිම ආඩම්බරෙන්”

ඊයේ දිනයේ පැවැත්වුන Miss World තරගාවලියේ Head 2 Head Challenge එකේදි මේ විදියෙ ලස්සන කතාවක් කරේ අපේ අනුදි ගුණසේකර. මම හිතන්නේ අනුදිව කවදාවත් හැබහින් දැකලා නැතිඋනත් මේ ලිපියෙ වගේම තව බොහොමයක් තැන්වල අනුදිව “අපේ” කියල හඳුන්වලා දෙන්න අපි පසුබට උනේ නෑ.

ඒ තරම්ම අනුදි මේ වෙද්දි ලංකාවෙ හැම මනුස්සයගෙම වගේ හිත් දිනාගෙන අපේ කෙනෙක් වෙලා අවසන්. මේ Miss World 2025 තරගාවලිය අපිට හරිම සුවිශේෂියි. බොහොමයක් දෙනා කියනවා මේ තරම් Hype එකක් ලංකාවෙ Miss Sri Lanka Title එක දිනපු සුන්දර ගැහැණු ළමයෙක් වෙනුවෙන් Build වෙච්ච පළවෙනි වතාව තමයි මේක.

ලෝකය වෙනස් කරන්න කිරුළක් උවමනා නැති බව අන්තර්ජාතික වේදිකාවේ හිස ඔසවාගෙන, ඉතාම ආඩම්බරෙන් කියන මේ ගැහැණූ ළමයා දැනටම ලංකාවේ ඉතිහාසය වෙනස් කර අවසන්. ලංකාවේ සුන්දර නම රන් අකුරින් අන්තර්ජාතික වේදිකාව මත ලියා අවසන්. ඒ Personality එක, ඒ ගැම්ම, අනුදි හිසත් කඳත් කෙළින් තියාගෙන ඒ කරන කතාව අපිට නුපුරුදු වෙන්න ඉඩක් තියෙනවා.

හැබැයි ඒ සිතුවිල්ල valid වෙන්නෙ අද දවසට විතරයි.

මොකද හෙට දවසේ හිසත් කඳත් කෙළින් තියාගෙන, තමන් තමන්ම වන බව පෙන්නන්න, තමන් ලබාගත් දැනුම, මනුසත්කම, පෞර්ශත්වය සහ බුද්ධිය තමාව දැනටමත් දිනා අවසන් කර ඇති බව තේරුම්ගත්ත ගැහැණු දරුවන් රැසක්, අනුදි යන පාරෙ, අනුදිව follow කරමින් ඉදිරියට යන්න නියමිත නිසා.

ඔයා කිව්වා වගේම “ඔබට ලෝකය වෙනස් කරන්න ඔටුන්නක් හෝ තනතුරක් අවශ්‍ය නෑ. ඔබට සම්පූර්ණ ලෝකයම වෙනස් කරන්න නොහැකි වේවි. නමුත් කාගෙහරි ලෝකය වඩා යහපත් කරන්න ඔබට දායක වෙන්න පුළුවන්!” කියන වදන් පේළිය අපි පිළිගන්නවා සහ විශ්වාස කරනවා. ඒ වගේම ඔයාගෙ ඒ goal එකට අපි හැමදාම ඔයාට support කරනවා.

ඉතින් අනුදි දහසක් ලාංකීය හිත් අස්සෙ ඔයා දැනටමත් කිරුළු පළඳලා අවසන්.

ඔයා තමයි අපේ කුමරිය. ඔයා තමයි අපේ ලෝකේ Miss World!

ඉතින් මේ ලිපිය කියවන ඔයාලටත් තියෙනවා ලොකුම ලොකු දෙයක් අනුදි වෙනුවෙන් කරන්න.

ඒ තමයි අපේ කෙල්ලට උපරිම support එක දෙන එක. ඒක කරන විදි කීපයක්ම තියෙනවා. මේ පහල අපි සඳහන් කරන්නෙ ඒ ක්‍රම.

දැන් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ Miss world app එක තුලින් අනුදිට සහාය දැක්වීම.

Anudi ට මේ App එක ප්‍රයෝජනවත් වෙන්නෙ Miss World තරඟාවලියේ Public Engagement සහ Public Votes සලකා බලන Multimedia Challenge සහ Peoples’ Choice යන තරඟවට සඳහායි. ඒ සඳහා මුලින්ම ඔබ කරන්න ඕනි Play Store හෝ App Store හරහා Miss World App එක ඩවුන්ලෝඩ් කරගැනීමයි. ඊට ලින්ක්ස් පහතින් දැක්වෙනවා.

Android (Google Play Store):

https://n9.cl/zobdl

iOS (Apple App Store):

https://apps.apple.com/lk/app/miss-world-mw/id6499343140

අනුදිගෙ ප්‍රොෆයිල් එකේ එන්ගේජ්මන්ට් එක අනුව එයාට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන ලකුණු වලට අනුව එයා අනික් තරඟකාරිනියන්ට සාපේක්ෂව කොතනද ඉන්නෙ කියලා ඔයාලාට Leaderboard එකේ බලාගන්න පුළුවන්. මෙතනත් Leaderboards දෙකක් තියෙනවා, Miss World Sri Lanka සහ Miss World වෙනුවෙන් (ඡායාරූප 10 සහ 11). අර උඩින් කියපු විදිහට මේ දෙකට වෙන වෙනමයි අනුදිට ලකුණු ලැබෙන්නෙ. Miss World Sri Lanka Leaderboard එක කියන්නෙ ලංකාවෙ අපේ community එකට විතරක් අදාළ එකක්. තරඟයට අදාළ වෙන්නෙ Miss Word Home එකේ Leaderboard එකයි. ඒ නිසා අපි අනුදිව උඩට ගේන්න ඕනි මේ MWHOME කියන Leaderboard එකෙයි 

ඒ වගේම මේ Leaderboards වල ඔයාලාට පෙනෙයි missworldsrilanka කියලා entry එකක්. ඒක අනුදිගෙ profile එකක් නෙමෙයි, Miss Sri Lanks Official Page එක (ඡායාරූපය 12) ඒකත් ෆලෝකරලා එන්ගේජ් වෙන්න, අප්ඩේට්ස් ගන්න.

හැබැයි ලකුණු ලැබෙන්නෙ ඒකට නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට. ඒ නිසා අපි අවධානය දෙන්න ඕනි Anudi ගෙ ප්‍රොෆයිල් එකටයි

ඒ වගේම Anudi ගෙ ප්‍රොෆයිල් එකෙන් පෝස්ට් එකක් දැම්මාම ඔයාලාට notification එකක් පෙන්නයි Notifications section එකේ. ඒකෙත් උඩ කිව්වා වගේම චැනල්ස් දෙකට වෙන වෙනම නොටිෆිකේශන්ස් පෙන්නනවා (ඡායාරූපය 13). එතකොට ඒ දෙකටම ගිහින් වෙන වෙනම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

මේ App එකේ engagement එක බලන Multimedia Challenge එක ළඟ ළඟම එනවා. Peoples’ Choice voting round එක එන්නෙ ඊටපස්සෙයි. Multimedia Challenge වටය ජයග්‍රහණය කළොත් අපේ කෙල්ල කෙළින්ම Top 40 ඇතුළෙ. ඒ නිසා අපි පුළුවන් තරම් හැකි විගසම අනුදිව Leaderboard එකේ උඩටම ගේන්න බලමු. ඒකට ඔයාලාගෙ ලයික්ස්, කමෙන්ට්ස්, පෝස්ට් විතරක් නෙමෙයි, Anudi Gunasekara කියන profile එකට ලැබෙන views ගාණ පවා ගණන් ගැනෙනවා. ඒ නිසා පුළුවන් නම් මේ ටිකේ දවසට දෙතුන් පාරක් වත් Anudi Gunasekara කියන ප්‍රොෆයිල් එක App එකෙන් view කරන්න….

 (උපුටා ගැනීම: Anudi Gunasekara Facebook page)

ඉතින් අනුදිව දිනවන්න එයාට ඔයාගෙ උපරිම සහයෝගය හැකි විදියට දෙන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here