පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂ තීන්දුවට පිටින් යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහෝසියි! සජබය තීන්දුවක් ගනී! අනෙකුත් පක්ෂත් ඒ තීන්දුවේම! I Sri Lanka Latest News

0
4


පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඒ ඒ ආයතනවල බලය පිහිටුවීමේදී රහස් ඡන්දයකට යාමට සිදුවුවහොත් පක්ෂය විසින් ගන්නා තීරණවලට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.Sri Lanka Latest News

පසුගියදා පැවැති පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී සජබයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පක්ෂය ගන්නා තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවකි.

එසේ නොවන සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී දැනුම් දී ඇති බවක්ද වාර්තා වේ.

මේ බව පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බවත්, ඉකුත් පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු කරමින් පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේම ධුරයන් අහෝසි වී ගිය බවත් සජබය විසින් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයට අමතරව අනෙකුත් සියලු පක්ෂද මේ වනවිට මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇතග



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here