ආයෙත් පෞද්ගලික බස්වල හොරෙන් ගියොත්

0
5


බස් රථවල ගමන් ගන්නා මගීන් සිය ගමනාන්තයට සරිලන ප්‍රවේශ පතක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.    

ඒ අනුව අගෝස්තු මස පළමුවනදා සිට බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්යය කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.  

Neth Sound · BIMAL 01

ප්‍රවේශ පතක් ලබා නොගෙන පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ද දඩ මුදල් පනවන බවද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.

Neth Sound · BIMAL 02

මේ අතර දුරගමන් සේවා බස් රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අගෝස්තු පළමුවනදා සිට අනිවාර්යය කිරීමට ද ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. 

ඒ, දුරගමන් සේවා බස් රථවලින් සිදුවන අනතුරු අවම කිරීම සඳහායි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here