සාකච්ඡා තීරණාත්මකයි – දුම්රිය ගමන් මඟ නතර වෙයිද?

0
4


ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගියදා වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයට ප්‍රවාහන බලධාරින් විසින් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. 

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමග අද පෙරවරු 09.30ට එම සාකච්ඡාව ලබාදී ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු පැවසුවා.

Neth Sound · TRAIN SUMEDA 01

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා.

Neth Sound · TRAIN SUMEDA 02

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක නිරත වුණා. 

ඒ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූණේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here