ඕලුගලගේ ප්ලෑන හරියයි – පද්මේගේ ආයුධ එළියට

0
8

දරූන් අයියේ හංගපු ආයුධ ඕලුගල සර්ට දීපන්

කෙහෙල්බද්දර පද්මේගෙන් ඩුබායිවලට කෝල් එකක්

“දරූන් අයියේ උඹ අර හංගලා තියෙන මගේ ආයුධ ටික ඕලුගල සර්ට දීපං… සර්ට මං පොරොන්දු වුණා බඩු ටික දෙන්න” යැයි අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල ප්‍රබලයකුට දුරකථනයෙන් කතා කර අවි ආයුධ තොගයක් පොලිසියට ලබාදීමට කටයුතු කර ඇත.

කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කරන අතරතුර මෙම අවි ආයුධ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට රොහාන් ඕලුගල මහතාට හැකි විය. වහාම එම ආයුධ තොගය භාරදෙන ලෙස පද්මේට නියෝග කිරීමෙන් පසු ඔහු රොහාන් ඕලුගල මහතාගේ ජංගම දුරකථනයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින සිය පාතාල කල්ලියේ ප්‍රබලයකු වන දරූන් නමැත්තාට කතා කර ඇත.

මුලදී ආයුධ ලබාදීම දරූන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් පසුව රොහාන් ඕලුගල මහතා දරූන්ට දුරකථනයෙන් කතා කර කළ තර්ජනය කිරීම් හමුවේ ඔහු ආයුධ ලබාදීමට කැමැත්ත පළකර ඇත.

ඒ අනුව පද්මේගේ පාතාල කල්ලියට සම්බන්ධ මෙරට පදිංචි පුද්ගලයකු රොහාන් ඕලුගල මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන සර් අර ආයුධ ටික පෑලියගොඩ මාළු මාර්කට් එක ළඟ පාරේ අයිනේ තියෙනවා ගිහින් ගන්න යනුවෙන් දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් එහි ගොස් මාර්ගය අසල සඟවා තිබූ අවි ආයුධ තොගය අත්අඩංගුවට ගත්හ.

පොලිසිය සැකපහළ කරන්නේ අත්අඩංගුවේ පසුවන යුදහමුදා ලුතිනන් කර්නල්වරයා හෝ සැරයන්වරයා විසින් මෙම නවීන පන්නයේ අවි ආයුධ කෙහෙල්බද්දර පද්මේට අලෙවි කරන්නට ඇති බවටයි.

මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර මයික්‍රෝ පිස්තෝලයක්, ගල්කටස් තුවක්කුවක්, ටී 56 මැගසින් තුනක්, ටී 56 ජීව උණ්ඩ 500 ක්, යුද හමුදා කැලෑ ඇඳුම් කට්ටල දෙක්ක තිබූ බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ආයුධ සොයා ගැනීමට හැකි විය.

මෙහිදී අත්අඩංගුවට ගත් ආයුධ අතරින් මයික්‍රෝ පිස්තෝලය, ටී 56 මැගසින් තුන නවීනපන්නයේ ඒවා බව පොලිසිය පවසයි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here