සමස්ත ලංකා පාසල් කැරම් තරගාවලිය
සමස්ත ලංකා පාසල් කැරම් තරගාවලියේදී මහනුවර උසස් බාලිකා විද්‍යාලය වැඩි දක්ෂතා දැක්වීමට සමත් විය. මෙම තරගාවලියේදී වයස් කාණ්ඩ දෙකකින් ශූරතාවයක් හා තෙවන ස්ථානයක් දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට උසස් බාලිකාවන් සමත් විය. ඒ අනුව තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට උසස් බාලිකා ක්‍රීඩිකාවන් සමත් වූහ. එම කණ්ඩායම දිලංකා රත්නසිරි, නිවින්දි හේවාවසම්, දිලිනි උයන්වත්ත, ධරණී හුළංගමුව, කුෂානි විජේරත්න, සුරංගි අත්තනායක යන ක්‍රීඩිකාවන් ගෙන් සමන්විත විය. එසේම තරගාවලියේ වයස අවුරුදු 17 පහළ බාලිකා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ද උසස් බාලිකා විද්‍යාලය සමත් වූ අතර එම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සයුමි අත්තනායක, අංජලී පණ්ඩිතරත්න, දෙව්මිණි සිරිවර්ධන, අයි. රූපසිංහ, එෆ්. ෆාසිල්, එන්. ෆාතිමා යන ක්‍රීඩිකාවන් ඇතුළත් විය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය පසුගියදා කොළඹදී පැවැත්විණ.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන
Saru FM Media