කෙහෙළියගේ පුතාවත් අල්ලස් කොමිසමට කැඳවයි!

0
5


කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා තිබේ.

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළ අතර එම නඩුකරවල සැකකරුවකු ලෙස හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලදී.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල අද දින අල්ලස් කොමිසමට පැමිණ ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here