ශ්‍රී ලංකාවට ලකුණු 203ක ඉලක්කයක්

0
7

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙන අතර එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.

ඒ අනුව ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 202ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ඉන්දියාව වෙනුවෙන් Abhishek Sharma ලකුණු 61ක් ‍රැස් කළ අතර Tilak Varma නොදැවී ලකුණු 49ක් රැස් කළේය.

එමෙන්ම Sanju Samson ලකුණු 39ක්ද, Axar Patel ලකුණු 21ක්ද, නායක Suryakumar Yadav ලකුණු 12ක්ද රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක හා චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203ක ඉලක්කයක් හඹා ‍යාමට නියමිතය.

කෙසේ වෙතත් මෙය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් විසින් ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here