රාත්‍රියේ ඇතිවන දත් කැක්කුම් අඩු කරන ඉක්මනින් කළ හැකි ප්‍රතිකාර

0
14


රාත්‍රියේ දී ඇතිවන දත් කැක්කුම ඉතා වේදනාකාරී මෙන් ම කරදරකාරී ය. රාත්‍රියේදී දත් කැක්කුම් ඇතිවීම නිසා නින්දට වැටීමත්  නිදාගැනීමත් ඉතා අපහසු වේ. මෙම ලිපියෙන්, රාත්‍රියේදී ඇතිවන දත් කැක්කුම සමනය කිරීම සඳහා නිවසේදීම කළ හැකි පිළියම් නවයක් ගැන වැඩි විස්තර දැන ගත හැකිය. 

දත් කැක්කුම දිවා කාලයේදී වේදනාකාරී වන්නට පුලුවන් නමුත් රාත්‍රියේදී ඉතා ම නරක අතට හැරෙයි. 

මෙය සිදු විය හැකි එක් හේතුවක් වන්නේ ඔබ වැතිර සිටින විට හිසට රුධිරය ගලා යාමයි. මෙම ප්‍රදේශයේ ඇති අතිරේක රුධිරය දත් කැක්කුමෙන් ඔබට දැනෙන වේදනාව සහ පීඩනය වැඩි කරයි.

බොහෝ දත් කැක්කුම් රාත්‍රියේදී වඩාත් දරුණු ලෙස දැනීමට තවත් හේතුවක් වන්නේ අවධානය වෙනතකට යොමු කිරීම අඩු වීමයි. දත් කැක්කුම ගැන පමණක් අවධානය යොමු කරන නිසා, ඔබට නිදා ගැනීමට අපහසු විය හැකිය.

පැනඩෝල් හෝ වෙනත් වේදනා නාශකයක් භාවිතා කිරීම සුදුසු ය.  සෑම විටම ඇසුරුමෙහි නිර්දේශිත මාත්‍රාව ගැන සැලකිලිමත් වන්න.  දත් කැක්කුම දරුණු නම්, දන්ත වෛද්‍යවරයකු හමු වී තරමක් වැඩි බලයකින් යුතු වේදනා නාශක ගැන කතා කිරීම වඩාත් සුදුසුය.

සීතල යමක් තබා ගැනීම දත් කැක්කුමක වේදනාව සමනය කිරීමට උපකාරී වේ.මුහුණේ හෝ හකු පෙදෙසේ දත් වේදනාවේ බලපෑමට ලක් වූ පැත්තට තුවායක් ඔතා අයිස් බෑගයක් යෙදීමෙන් එම ප්‍රදේශයේ රුධිරවාහිනී හැකිලීමට උපකාරී වන අතර එමඟින් නින්දට යන තෙක් වේදනාව අඩු කළ හැකිය.සවස් වරුවේ සෑම පැය කිහිපයකට වරක් විනාඩි 15-20 අතර කාලයක් සීතල ‍යමක් එම ස්ථානයේ යෙදීමෙන් නින්දට යන විට වේදනාව වළක්වා ගත හැකිය.

හිසෙහි රුධිරය එකතු වීමෙන් අමතර වේදනාවක් සහ දැවිල්ලක් ඇති විය හැක. සමහර අය අමතර කොට්ටයකින් හෝ දෙකකින් හිස ඔසවමින් නිදා ගැනීමෙන්   වේදනාව නැති කර ගත ගනී.

සමහර ඖෂධීය ආලේපන දත් කැක්කුම් වේදනාව අඩු කිරීමට උපකාරී වේ. බෙන්සොකේන් වැනි අමුද්‍රව්‍ය අඩංගු OTC හිරිවැටීමේ ජෙල් ආලේප කිරීමෙන් එම ප්‍රදේශය හිරි වැටී වේදනාව අඩු වේ. බෙන්සොකේන් කුඩා දරුවන්ට භාවිතා කිරීම සඳහා සුදුසු නොවේ.

ලුණු වතුරෙන් මුඛය සේදීම දත් කැක්කුම සඳහා සාමාන්‍යයෙන් බොහෝ නිවෙස්වල සිදු කරනා පිළියමකි. ලුණු වතුර යනු ස්වාභාවික ප්‍රතිබැක්ටීරීය කාරකයක් වන නිසා එයට දැවිල්ල අඩු කළ හැකිය. මෙය හානියට පත් දත් ආසාදනයෙන් ආරක්ෂා කිරීමට පවා උපකාරී වේ. ලුණු වතුරෙන් සේදීම දත්වල හෝ විදුරුමස්වල සිරවී ඇති ආහාර කැබලි සහ සුන්බුන් ඉවත් කිරීමට ද උපකාරී වේ.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු මුඛ සේදුම් වලින් සේදීම රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වන සොයා ගෙන තිබේ. සෑම විටම ඔබ ගන්නා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් food grade දැයි සොයා බලන්න.  හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන කොටසක් ජලය සමග තනුක කළ යුතුය. කට සෝදා දමන්න නමුත් ගිලින්න එපා. මෙම පිළියම ළමයින්ට සුදුසු නොවේ. ඔවුන් වැරදීමෙන් මෙය ගිල දැමිය හැකි අවදානමක් ඇත.

කරාබුනැටිවල ඇති ප්‍රධාන සංයෝගයක් වන  Eugenol දත් කැක්කුම අඩු කරයි. Eugenol වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි. එයින් අදහස් කරන්නේ එය නිසා අදාළ ප්‍රදේශය හිරිවැටෙන බවයි. දත් කැක්කුම සඳහා කරාබුනැටි භාවිතා කරන්නේ මෙසේයි. කරාබුනැටි ජලයේ පොඟවා තලපයක් සාදා ගන්න. ඉන්පසුව, එම තලපය දතෙහි ආලේප කරන්න. නැතහොත් හිස් තේ බෑගයක දමා දත ළඟ තබන්න.

එක් කරාබුනැට්ටක් මෘදු ලෙස හපමින් සිටීමෙන් වේදනාකාරී දතෙහි වේදනාව සමනය වේ.

සුදුළූණු යනු දත් කැක්කුම සමනය කිරීම සඳහා බහුල ව භාවිතා කරන දෙයකි.  සුදුළූණු වල ඇති ප්‍රධාන සංයෝගය වන ඇලිසින්වල, ප්‍රබල ප්‍රතිබැක්ටීරීය බලපෑමක් ඇති  අතර එමඟින් මුඛයේ කුහර සහ දත් කැක්කුම ඇති කරන බැක්ටීරියා විනාශ කිරීමට උපකාරී වේ. සුදුළූණු බිකක් හපමින්  එම යුෂ වේදනාකාරී දත කරා ගලා යාමට ඉඩ දීමෙන් වේදනාව සමනය වේ. නමුත් අමු සුදුළූණු වල රසය සමහර අයට ඉතා සැර විය හැකි බැවින් මෙය සෑම කෙනෙකුටම නිවැරදි විසඳුම නොවිය හැකිය.

මේ කිසිවකින් ඔබේ වේදනාව අඩු වන්නේ නැතිනම් ඉක්මනින් ම දන්ත වෛද්‍යවරයෙකු හමුවීම කළ යුතු යි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here