පසුගිය 19 වෙනිදා පැවැත්වූ යුද්ධය අවසන් කිරීමේ සැමරුමට එක් වූ ජනප්රිය ගායිකා සුජාතා අත්තනායක තම පුතු වෙනුවෙන් කඳුළු සලන ආකාරය සංවේදී සටහනක් සහිතව ෆේස්බුක් අඩවියේ පළ කර තිබිණි.
එය උපුටා ගෙන පහත දැක්වේ.
පිළිගනු මැනවි මගෙ ආචාරය පුතුනේ
නැළවිලි ගීත දහසක් නුඹටයි ගැයුනේ
නුඹ ගියදාම මගෙ ගී හඬ ගොළු ගැහුණේ
දැයට හිතැති නුඹ විරුවෙක් වී දැවුණේ
පිළිගනු මැනවි මගෙ ආචාරය පුතුනේ
වෙඩි හඬ ඇසී ළය දෙපලුව ඇවිලෙන්නේ
මිහිරිම ගී ගැයු කෙවිලිය වැලපෙන්නේ
සුර ලොව නිදන මගෙ පණ පෙම්බර පුතුනේ
නැළවිලි ගී අසා උකුලේ නැළවෙන්නේ
Saru FM Media