ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුලත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයනුයි. ඒ අඩුපාඩුකම් නිවැරදි කර ගැන හොඳ ආහාර රටාවක ට ඔබ හුරු වෙනවා නම් ඔබේ බර අඩුකර ගැනීම ඔබට එතරම් අපහසු දෙයක් නෙමෙයි. සතියක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ බර අඩු කරගැනීමට හැකි උපක්‍රම කිහිපයක් ගැනයි මේ ලිපිය
මෙය බොහෝ දෙනෙක් විසින් සිදුකරන වරදක්. රූපවාහිනිය ඉදිරිපිට සිට එය කෙරෙහි අවධානය යොමු කරමින් ආහාර ගන්නා විට ඔබ කොතරම් ආහාර ප්‍රමාණයක් ලබා ගන්නවාද කියා ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. මෙහිදී ඔබ ඕනෑවට වඩා ආහාර ලබා ගැනීම නොදැනුවත්වම සිදු වෙනවා. එයින් ඔබේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වන නිසා කිසිම විටෙකත් රූපවාහිනිය ඉදිරියේ සිට ආහාර අනුභව කිරීම සිදු නොකළ යුතුයි.
ඔබට කුසගින්න දැනීමට පෙර ඔබ ආහාර ගැනීම ආරම්භ කළ යුතු අතර ඔබේ කුස සම්පූර්ණයෙන්ම පිරී යාමට පෙර ඔබ ආහාර ගැනීම නතර කළ යුතුයි.මන්ද , අප දැඩි කුසගින්නෙන් පෙළෙන විට ආහාර ගැනීම ආරම්භ කළහොත් අප අධික ලෙස ආහාර ගැනීමට පෙළඹෙනවා. බොහෝ විට ශරීරයේ බර වැඩි වීමට හේතු වන ප්‍රධාන හේතුවක් ලෙස මෙය සැලකෙනවා.
එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.බොහෝ නැවුම් එළවළු සහ පලතුරු වල කැලරි ප්‍රමාණය අඩු වන අතර තන්තු ප්‍රමාණය බහුල වෙනවා. තන්තු බහුල එලවලු සහ පලතුරු ආහාරයට ගැනීම නිසා ඒවා ඉතා හොඳින් ජීරණය වීම සිදුවනවා.ඊට අමතරව ඒවා වල ජලය සහ තන්තු බහුල වීම මඟින් ඔබට පූර්ණ බවක් දැනෙන අතර , අධික ලෙස ආහාර ගැනීම සහ අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අවම කරනවා.
බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන නමුත් අවධානය යොමු කළ යුතුම කරුණක් තමයි සීනි භාවිතය. බොහෝ දෙනා කෘතිම පාන වර්ග , අධික සීනි අඩංගු රස කැවිලි වර්ග පරිභෝජනය කිරීමට පුරුදුව සිටිනවා. මේ ආකාරයට සීනි පරිභෝජනය කිරීම ඔබේ බර වැඩි වීමට ප්‍රබල හේතුවක් වනවා.ඊට අමතරව ඔබේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් එල්ල කිරීමටත් සීනි භාවිතයට හැකියාව තියෙනවා. එම නිසා හැකි තාක් සීනි භාවිතය අවම කළ යුතුයි.
ලොව පුරා බොහෝ දෙනා මේ වන විට ග්‍රීන් ටී පානයට හුරුවී සිටිනවා. ග්‍රීන් ටී පානය කිරීමේ ප්‍රධානතම වාසිය වන්නේ එමගින් අපගේ ශරීරයේ ඇති කැලරි දහනය කිරීමේ වේගය වැඩි දියුණු කිරීමයි. මෙහිදී සීනි භාවිතය ද සිදු නොවන නිසා ග්‍රීන් ටී පානය කිරීම සෑම අතින්ම ඔබේ සෞඛ්‍යයට යහපත් වනවා. ඊට අමතරව ග්‍රීන් ටී වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක රැසක් අඩංගු වන අතර ඒවා මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය ද වැඩිදියුණු කරයි
කාර්යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා ක්ෂණික ආහාර සහ කෙටි ආහාර වලට හුරු වී සිටිනවා. මෙය සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව ලබා ගැනීමට සුදුසු කෙටි ආහාර පිළිබඳව ඔබ උනන්දු වනවා නම් ඒ සඳහා ග්‍රැනෝලා බාර් , යෝගට් , පලතුරු , පිපිඤ්ඤා , ඕට්ස් වැනි දේවල් ඉතාම සුදුසුයි
බර අඩු කර ගැනීම සඳහා සුදුසු පෝෂ්‍ය පදාර්ථයක් ලෙස විටමින් සී සැලකෙනවා. දොඩම් , නාරං , කිවි , මිදි වැනි විටමින් සී බහුල පලතුරු ආහාරයට එකතු කර ගැනීම සුදුසු වන අතර ඒවා ඔබේ ශරීරයට වැඩිපුර කැලරි එකතු නොකර ඔබට පූර්ණ හැඟීමක් දනවයි. ඊට අමතරව ශරීරයේ වැඩි මේදය දහනය කිරීමට ද විටමින් සී උපකාරී වෙනවා
ආහාර ගැනීමට මද වේලාවකට පෙර හොඳින් ජලය පානය කළ යුතු වන අතර එමගින් ඔබේ කුස තරමක් දුරට තීරණ නිසා අනවශ්‍ය ලෙස ආහාර ගැනීම වැළැක්වෙනවා. ඊට අමතරව දෛනිකව ඔබ ඉතා හොඳින් ජලය පානය කළ යුතු අතර එමගින් ශරීරයේ ඇති විෂ ඉවත් කරමින් ආහාර ජීරණ ක්‍රියාවලිය ද පහසු කරනවා. එයින් අනවශ්‍ය ලෙස බර වැඩිවීමද අවම කරනවා
හොඳ ආහාර රටාවකට හුරු වීම කෙරෙහි අවධානය යොමු කරනවා සේම ව්‍යායාම රටාවක් අනුගමනය කිරීමටත් ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි. මේ සඳහා ඔබ මුලින්ම ඔබේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවා ගෙන ඉන්පසුව සුදුසුකම් ලත් උපදේශකවරයෙකු ගෙන් ඔබට සුදුසු ව්‍යායාම රටාවක් පිළිබඳව උපදෙස් ලබා ගත යුතුයි. එසේ ව්‍යායාම කිරීම මඟින් ද ඔබේ ශරීරයේ කැලරි හොඳින් දහනය කිරීම වගේම ක්‍රියාශීලී බව වැඩි කිරීම , අනවශ්‍ය ලෙස බර වැඩි වීම වැළැක්වීම සහ මාංශ පේශීන් ශක්තිමත් කිරීම වැනි වාසි ලබාගත හැකියි
මේ උපක්‍රම අනුගමනය කිරීමෙන් සතියක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. නමුත් මෙම උපක්‍රම අනුගමනය කිරීම සතියකට සීමා කළ යුතු නැහැ . මේ සෑම පුරුද්දක් ම ඔබේ එදිනෙදා ජීවිතයට හුරු කර ගැනීමයි ඔබ කල යුතු වන්නේ.
Saru FM Media