සටහන: සශිකලා මධුෂාණි
මැයි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉදිරි පැය 48 තුළ ආධාර නොලැබීයන්නේ නම් ගාසා තීරයේ ළදරුවන් 14,000 ක් මිය යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනුෂිය ප්‍රධානී ටොම් ෆ්ලෙචර් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, ළදරු ආහාර සහ පෝෂණය අඩංගු ආධාර ලොරි වලට ගාසා තිරයට ඇතුළු වීමට ඊශ්‍රායලය විසින් සිමා කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවිය හැකි බවයි.
ඊශ්‍රායලය පලස්තීන වැසියන්ට අමානුෂිකව මිලිටරි ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් මේ වන විට එක්සත් රාජධානිය, ප්‍රංශය හා කැනඩාව ඊශ්‍රායලය වෙත අනතුරු අඟවා ඇති අතර ඉදිරියේදී එන සාගතයක් පිළිබඳ ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් මේ වන විට ඊශ්‍රයල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සති 11ක ආධාර අවහිරය ලිහිල් කරන බවට නිවේදනය කර තිබේ.
Saru FM Media