නින්දට පෙර මේ පුරුදු අනුගමනය කරන්න

0
6


කාර්යබහුල ජීවන රටාවන් නිසා බොහෝ වෙලාවට අපට අපවම රැක බලා ගැනීමට ලැබෙන්නේ ඉතාම සුළු කාලයක්. දවස අවසානයේදී කෙසේ හෝ මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගැනීම මගින් ඔබට අභ්‍යන්තරව සහ බාහිරව ඔබ සෞඛ්‍ය සහ රූපලාවන්‍ය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබ නින්දට පෙර අනුගමනය කළ යුතු පුරුදු කිහිපයක් ගැනයි.

No makeup 

ඔබ මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් ඔබ භාවිතා කරන කුඩා හෝ මේකප් ප්‍රමාණයක් සමඟ නින්දට යාම සුදුසු වන්නේ නැහැ. එය බොහෝමයක් සමේ ගැටලුවලට සහ ආසාදන වලට හේතුවක් විය හැකියි. ඔබ නිදා සිටින විට ඔබේ සම අළුත් වැඩියා වීමට පටන් ගන්නා නිසා මේකප් මගින් එම ක්‍රියාවලියට බාධා ඇති වනවා. එමගින් කුරුලෑ සහ බිබිලි ඇතිවීම , කැසීම් සහ ආසාදන සිදු වන්නට පුළුවන්.මෙවැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට ඔබ නින්දට පෙර ඉතා හොඳ පිරිසිදු කාරකයක් මගින් ඔබේ සම මත ඇති මේකප් ඉතා හොඳින් ඉවත් කළ යුතු වනවා.

Hand cream 

ඔබ අවධානය යොමු කළ යුතු වන්නේ ඔබේ මුහුණට පමණක් නොවේ. මුහුණට දක්වන ආකාරයේම සත්කාර ඔබේ දෑත් වලටත් යෙදිය යුතුයි. මේ සඳහා ඔබට ඉතා හොඳ තත්ත්වයේ Hand cream එකක් භාවිතා කළ හැකි වන අතර සතියකට වතාවක් හෝ දෙවතාවක් අත් සඳහා  ස්ක්‍රබ් එකක් සහ පැක් එකක් යෙදීම කළ හැකියි. මෙමගින් අත් රැළි වැටීම , සම රළු වීම සහ අඳුරු පැහැ ගැන්වීම වළක්වා ගන්නට පුළුවන්.

Toner එකක් යෙදීම

රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම ඔබේ මුහුණට ටෝනර් එකක් භාවිත කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. ටෝනර් එකක් භාවිතා කිරීමේ විශේෂතම ප්‍රතිලාභය වන්නේ සමෙහි pH අගය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වීමයි.ඊට අමතරව ඔබේ සම මත ඇති බැක්ටීරියා සහ ක්ශුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කිරීමද ටෝනර් එකක් මගින් සිදු කරනවා.  ඊට අමතරව ඔබේ සම පිරිසිදු කිරීම ට සහ හොඳ පෝෂණයක් ලබාදීමටද ටෝනර් එකකට හැකියාව තියෙනවා.

Eye cream

ඕනෑම කෙනෙක් ඔබ දෙස බලන විට ඔබේ දෑස් වෙත විශේෂ අවධානයක් යොමු වනවා. මේ නිසා රාත්‍රියේ නිදා ගැනීමට පෙර මුහුණ හොඳින් පිරිසුදු කර හොඳ Eye cream එකක් භාවිතා කිරීම ඔබ කළ යුතු වනවා. මෙමගින් ඇස් වටා ඇති අඳුරු පැහැය අඩු කර ගැනීමට , ඇස් වටා රැළි වැටීම සහ සියුම් රේඛා ඇතිවීම වැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගත හැකි වනවා.

ඔබේ කොණ්ඩය බැඳ තබන්න 

ඔබේ කොණ්ඩය බැඳ හෝ ගොතා නිදා ගැනීම මගින් පසු දින උදෑසනට කොන්ඩය ගැට ගැසී තිබීම වලක්වා ගන්නට පුළුවන්. මීට අමතරව කොන්ඩේ බැඳ නිදා ගැනීමේ විශේෂතම වාසිය වන්නේ වල අඩංගු තෙල් හෝ අපිරිසිදු ද්‍රව්‍ය ඔබ නිදා සිටීමේදී ඔබේ මුහුණේ තැවරීමට ඇති හැකියාව අඩු වීමයි. එසේත් නැත්නම් ඔබේ මුහුණ මත ඉතා පහසුවෙන් කුරුලෑ සහ ආසාදන ඇතිවීම සිදුවිය හැකියි.

ඔබේ පාද සඳහා පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කරන්න 

ඔබ නින්දට යාමට පෙර ඔබේ පාද ඉතා හොඳින් පිරිසිදු කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ වගේම සතියකට වරක් හෝ දෙවරක් හොඳින් ස්ක්‍රබ් කිරීම සහ පැක් එකක් යෙදීම මගින් පාද දුර්වර්ණ වීම වළක්වා ගැනීමට සහ පැහැපත්ව තබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මීට අමතරව සෑම දිනකම රාත්‍රියේ නින්දට යාමට කලින් පාද හොඳින් පිරිසිදු කර පෙට්‍රෝලියම් ජෙලි ආලේප කර හොඳින් පිරිමැද මේස් දෙකක් පැළඳ නිදා ගැනීම මගින් ඔබේ පාද වල තෙතමනය ආරක්ෂා කරගෙන පාද වියළීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

හොඳ සීරම් එකක් භාවිතා කරන්න 

රාත්‍රී කාලයේදී හොඳ සීරම් එකක් සම මත ආලේප කිරීම මගින් ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ රැසක් තිබෙනවා. සමෙහි වර්ණය වැඩි දියුණු කර ගැනීමට හැකිවීම , සියුම් රේඛා සහ රැළි ඇතිවීම වළක්වා ගැනීමට හැකි වීම , කුරුලෑ හා ආසාදන ඇතිවීම වළක්වා ගැනීමට හැකි වීම ආදී බොහෝ ප්‍රතිලාභ ඔබට ලබා ගන්නට පුළුවන්. නින්දට පෙර ෆේස් වොශ් එකක් හෝ ක්ලෙන්සර් එකක් මගින් මුහුණ හොඳින් පිරිසුදු කිරීමෙන් පසුව හොඳ සීරම් එකක් ආලේප කර මිනිත්තු කිහිපයක් මුහුණ සම්භාහනය කරන්න. මෙමගින් සති කිහිපයක් ඇතුළත ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

සුවදායක නින්දක් ලබා ගන්න 

ඔබ ඔබවම රැක බලා ගැනීමේ ක්‍රියාවලියේදී ඔබ සැලකිලිමත් විය යුතු අත්‍යවශ්‍ය කාරණාවක් තමයි සුව නින්දක් ලබා ගැනීම. සම්පූර්ණ දිනයක් පුරාම වෙහෙස මහන්සි වී කටයුතු කරන ඔබගේ ශරීරයට අවශ්‍ය නිසි විවේකයක් ලැබෙන්නේ ඔබ ලබා ගන්නා නින්ද අතරතුරයි. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලින් සඳහාද ඔබ සුව නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා. සුව නින්දක් නොලැබීම මගින් මානසික ආතතිය ඇතිවීම සහ තවත් සෞඛ්‍ය ගැටලු වලට ඔබට මුහුණ දීමට සිදුවන සුවදායි සහ ගුණාත්මක නින්දක් ලබා ගැනීම අතිශයින්ම වැදගත්.

ඔබ නින්දට පෙර අනුගමනය කරන මෙවැනි පුරුදු මගින් සම ගැන සහ ඔබේ සෞඛ්‍ය ගැන හිතන ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඔබේ සම අලුත් වැඩියා කර නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉඩ දීමට හැකි හොඳම කාලය රාත්‍රී කාලය නිසා මෙවැනි සත්කාර සහ පුරුදු අනුගමනය කිරීම ඔබට අතිශයින්ම ඵලදායි වනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here