කැනඩා යවන බව පවසා ව්‍යාජ වීසා ස්ටිකර් මඟින් මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට

0
7

විදේශගත කරන බව පවසා මුදල් වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැනඩාව වෙත විදෙස්ගත කරන බව පවසා මෙම මුදල්  වංචා කිරීම සිදුකර ඇති අතර, ඊයේ (25) බම්බලපිටිය පොලීසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු අවුරුදු 69ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 26 හා 68 වයස්වල පසුවන ගෝනගංආර සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් බව සඳහන් ය.

කැනඩාවට යවන බවට බවසා එක් සැකකාරියක් රු. 3,831,000ක මුදලක් හා රු. 3,436,000ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත. 

මෙම සැකකරුවන් මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධවී සිටීද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here