හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබේ.
බන්ධනාගාරගතව සිටි ඔහු අද (20) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද අධිකරණය අවසර ලබාදී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
Saru FM Media