
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීමේ අරමුණින් “Take Care – සුරැකෙමු මගතොට” නමින් නව ව්‍යාපෘතියක් දියත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය පාසල් සිසුන් මූලික කරගෙන ක්‍රියාත්මක වන අතර, එමගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ සමාජය තුළ දැනුවත්භාවය ඇති කිරීම අපේක්ෂා කෙරේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.
රටපුරා පිහිටි අධ්‍යාපන කලාප 100ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් මෙම වැඩසටහනට සෘජුවම සම්බන්ධ කර ගැනීමට නියමිතය. පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන චාලක බලවේගය ලෙස ක්‍රියා කරනු ඇත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.
මාර්ග අනතුරු නිසා සෑම වසරකම රටේ ජීවිත රැසක් අහිමි වන අතර, තවත් බොහෝ දෙනෙකු ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වේ. මෙම ව්‍යාපෘතිය හරහා අනාගත පරපුර මාර්ග නීති රීති පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමත්, ඒ හරහා වඩාත් සුරක්ෂිත මාර්ග පරිසරයක් නිර්මාණය කිරීමත් අපේක්ෂිතය.
කලාප මට්ටමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුළින් සිසුන් දැනුවත් කිරීම පමණක් නොව, ඔවුන් හරහා ප්‍රජාව වෙත ද මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ගෙන යාමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
Saru FM Media